0.1 C
New York

සිසුවියකට අතවර කළ විදුහල්පතිට වසර 30ක් සිරදඩුවම්

Published:

පාසලේ ඉගෙනුම ලැබූ දැරියකට අතවර කළා යැයි කියන ‍චෝදනාවකට වරදකරු වූ හිටපු විදුහල්පතිවරයකුට වසර 30ක සිරදඬුවමක් සහ රුපියල් 15,000.00ක දඩයක් නියම කිරීමට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක අද (30) නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාරගත කරන ලද්දේ අම්බලන්ගොඩ ගොඩහේන කණිෂ්ට විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයා වූ ආර්.එම්.මර්වින් නමැති අයෙකි.  2004 වර්ෂයේ දී එවකට බාලවයස්කාර දැරියකට විදුහල්පතිවරයා විසින් අතවර කරන ලදැයි කියමින් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබිණි. එම චෝදනා තුනටම හිටපු විදුහල්පතිවරයා වරදකරු වූ බැවින් එක් වරදකට වසර 10ක් සහ රුපියල් 5000.00 බැගින් දඬුවම් නියම කෙරිණි. එම වරද තුනටම නියම කෙරුණු සිරදඬුවම එකවර ගෙවී යන පරිදි නියම කෙරුණු බැවින් වසර 10ක ද  හිටපු විදුහල්පතිවරයාට බන්ධනාගාරයෙන් නිදහස් වීමට අවස්ථාව තිබේ.

Related articles

Recent articles

spot_img