-5.4 C
New York

රෝයල් පාර්ක් ඝාතනයේ විත්තිකරුට ජනාධිපති සමාව දුන් ලේඛන ඉල්ලයි

Published:

රෝයල් පාර්ක් මිනී මැරුම ලෙස ප්‍රසිද්ධියට පත් වූ ඝාතන සිදුවීමක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වී සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමහට ජනාධිපති සමාව දීම සම්බන්ධ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට අද (30) නියෝග කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජූඩ් ජයමහ ජනාධිපති සමාව ලබා දී නිදහස් කෙරිණි.

ජනාධිපතිවරයා විසින් ඔහුට නිදහස ලබාදීම බල රහිත කරන්න යැයි ඉල්ලා කාන්තා මාධ්‍ය සංවිධාන එකමුතුව විසින් ගොනුකළ ‍මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (30) විභාගයට ගත් අවස්ථාවේ එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝඝය නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img