spot_img
spot_imgspot_img

“රටේ ලොකුම ප්‍රශ්නය, ජනාධිපති ද ?” – ‍ රනිල්

පුවත්

විදෙස්

විධායක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද නැද්ද යන්න මේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නය නොවේ යැයි ද ආර්ථිකය ගොඩනැගීමේ ක්‍රමවේදය සාර්ථකව ඉදිරියට ගෙන යා යුතු යැයි ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර රොටරි සමාජයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් කීවේය.

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන්මඟ ජනතාව විසින් ම තීරණය කළයුතු බවත්, එම අවස්ථාව කිසිවෙකුටත් අතපසු කළ නොහැකි බවත් හෙතෙ‍ම වැඩිදුරටත් සඳහන් කළේය.

වෙළඳපොළ ආර්ථිකයක් මත පදනම් වූ ඉහළ තරගකාරී, අපනයනය ඉලක්ක කරගත් ආර්ථිකයක් බිහිකිරීම රජයේ අරමුණ බව ද එම ගමනේ දී මෙරට ව්‍යාපාරික ප්‍රජාව කෙරෙහි තමා පූර්ණ විශ්වාසය තබා ඇති බව ද ජනාධිපතිවරයා කීවේ ය.

මෙම වාර්ෂික සමුළුවේ ප්‍රධාන දේශනය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තොරතුරු තාක්ෂණ හා ඩිජිටල් සේවා අමාත්‍ය පලනිවේල් ත්‍යාග රාජන් විසින් සිදු කළේය.

1929 වසරේ දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දිස්ත්‍රික් 3220 ජාත්‍යන්තර රොටරි සමාජය සාමාජිකයින් 17,000කට අධික ප්‍රමාණයක් සමන්විත වන අතර මෙරට ප්‍රජා හා සමාජ සුබසාධන කටයුතු මෙන්ම සමාජීය සහ ආර්ථික සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් සඳහා ද සිය දායකත්වය ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!