spot_img
spot_imgspot_img

නොමිළේ දුන් කෘෂි උපකරණ විකුණූ අයට වැඩ වරදී

පුවත්

විදෙස්

කෘෂි කර්මාන්තය සඳහා කෘෂි ව්‍යවසායක ගම්මාන පිහිටුවමින් තරුණයන් ඒ සඳහා පෙළඹවීමේ අරමුණෙින් රජයෙන් ලබාදුන් උපකරණ විකුණා දැමූ පුද්ගලයන්ට මින්පසු කිසිදු ප්‍රතිලාභයක් ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරරණය කර තිබේ.

විශාල මුදලක් වැය කර  ලබා දී ඇති එම ප්‍රතිලාභ නිසි ලෙස වගාව සඳහා යොදා නොගන්නා පවුල් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් දුන්නේය .

ඇතැම් ගම්මානවලට දුන්  පැළ හා බීජ නිසි ලෙස ප්‍රයෝජනයට නොගෙන විනාශ වීමට ඉඩහැර ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට  තොරතුරු ලැබී තිබේ.

හම්බන්තොට, වව්නියාව, මොණරාගල, ගාල්ල, කුරුණෑගල සහ අනුරාධපුර ඇතුළු  දිස්ත්‍රික්ක කිහිපයක ගම්මාන 11ක්  තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ලෙස සංවර්ධනය කිරීම ආරම්භ කර තිබෙන බව අමාත්‍යාංශය පවසයි. 

සෑම කෘෂි ව්‍යවසායකත්ව ගම්මානයක ම පිහිටි වැව්  ප්‍රතිසංස්කරණය කරන අතර ගොවිපළවලට ජලය ගැනීම සඳහා වාරි පහසුකම් ද ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇතැයි අමාත්‍යාංශය කියයි.

මීට අමතරව ආරක්ෂිත ගෘහ තුළ වගා කිරීම, විසිරි ජල තාක්ෂණික උපකරණ, බින්දු ජල තාක්ෂණික උපකරණ මෙන්ම දුරස්ථ පාලනය මගින් ක්‍රියාත්මක කළ හැකි  ආරක්ෂිත ගෘහ හඳුන්වා දීම ද මෙම වැඩ පිළිවෙළ යටතේ එවැනි ගම්මානවල තරුණ ප්‍රජාවට ලබා දී ඇත. 

මෙම ගම්මාන වල කාෂි පහසුකම් සැපයීම සඳහා රුපියල් මිලියන 5,000 ක් වැය කර ඇතැයි අමාත්‍යාංශය පවසයි.

රජයේ  ප්‍රතිලාභ  සාර්ථක ලෙස ව්‍යාපෘතිවල යොදවා ආදායම් උපයන පවුල් විශාල ප්‍රමාණයක් ද වාර්තා වන නිසා ඔවුන්ට දෙන ප්‍රතිලාභ තවදුරටත් ඉහල නැංවීමට පියවර ගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!