spot_img
spot_imgspot_img

“ත්‍රී රෝද ගාස්තු අඩුකරන්න බෑ”

පුවත්

විදෙස්

ඉන්ධන මිල අඩුකර ඇතත් ත්‍රී රෝද රථ සඳහා කිලෝ මීටරයකට අයකරන ගාස්තුව අඩුකළ නොහැකි යැයි සමස්ත ලංකා ත්‍රී රෝද රථ ව්‍යවසායකයන්ගේ එකමුතු සංගමයේ සභාපති මෙරිල් දිසානායක පවසයි.

ඔහු පවසන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 60.00කින් අඩුකර ඇති නිසා කිලෝ මීටරයකට අයකරන ගාස්තුව රුපියල් 10.00කින් අඩු කරන්න යැයි ඇතැම් පාර්ශව ඉල්ලීම් කරන බවයි. ඔහු පවසන්නේ පෙට්‍රල් ලීටරයකින් ත්‍රී රෝද රථයක් කිලෝ මීටර 20ක් ධාවනය කරන බැවින් රුපියල් 60.00කින් ලීටරයක මිල අඩුකළ විට කිලෝ මීටරයක් සඳහා අඩුකළ හැකි මුදල රුපියල් 3.00ක් බවයි.

නඩත්තු වියදම් අධික වීම, ටයර් මිල වැඩි වීම සහ පාරිභෝගික භාණ්ඩවල මිල වැඩිවීම යන හේතූන් නිසා ගාස්තු අඩුකළ නොහැකි යැයි ඔහු කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!