spot_img
spot_imgspot_img

පාසල් දැරියකට, ගබ්සා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ලැබෙයි

පුවත්

විදෙස්

අතවරයකට ලක් වූ 14 හැවිරිදි පාසල් දැරියකගේ මානසික සහ ශාරීරික යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා ඇයට ගබ්සාවක් සිදුකිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී ඇත.

ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 142වැනි වගන්තියේ ඇති බලතල භාවිතා කර ඇත. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වෙසෙන මෙම දැරියට සම්පූර්ණ යුක්තිය ඉටුකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කරන බව එම නියෝගයේ දැක්වේ.

ලිංගික හිංසනයට ලක්ව ගැබ්ගෙන ඇති ඇගේ කුස තුළ සති 30කට ආසන්න කාලයක් එම කලලය වැඩී තිබිණි.

ගැබ්ගැනීම අවසන් කිරීමේ (MTP) පනත මගින් විවාහක කාන්තාවන්ට මෙන්ම ස්ත්‍රී දූෂණයකට ලක්වූ අය ඇතුළු ආබාධිත සහ බාල වයස්කරුවන් වැනි විශේෂ කාණ්ඩවල සිටින අයට සහ වෙනත් අවදානමට ලක්විය හැකි කාන්තාවන් සඳහා ගබ්සා කළ හැකි සීමාව සති 24 ක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් සහන ලබා දීම දුර්ලභ බව පැවසේ.

කෙසේවෙතත් මෙම නඩුවේදී, අපරාධයේ පළමු තොරතුරු වාර්තාව පවා ගබ්සා කිරීමට අවසර දී ඇති සති 24 සීමාවෙන් පසුව එනම් මාර්තු 20 දින පමණ ලියාපදිංචි කර ඇත.

ඉන්දීය අගවිනිසුරු ඩී. චන්ද්‍රචුඩ් සහ විනිසුරු ජේ. බී. පර්දිවාලාගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් “වින්දිත බාල දැරියගේ කැමැත්තට එරෙහිව ඇය දිගටම ගැබ් ගෙන සිටීම ඇගේ ශාරීරික හා මානසික යහපැවැත්මට බලපෑ හැකිය” යන වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශයට එකඟ වී තිබේ.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටියේ යම් අවදානමක් ඇති නමුත්, එය ගැබ් ගැනීමේ කාලය සම්පූර්ණ කළහොත් දරු ප්‍රසූතියේදී ඇති විය හැකි ජීවිත තර්ජනයට වඩා තර්ජනයක් නොවන බව වෛද්‍ය මණ්ඩලයේ මතය වූ බව අධිකරණය සඳහන් කළේය.

එමෙන්ම ගබ්සා ක්‍රියා පටිපාටිය, රැකවරණය සහ ඇයගේ පසු වියදම් දැරීමට ප්‍රාන්ත රජය එකඟ වී තිබේ.

මුම්බායි මහාධිකරණය අප්‍රේල් 04 වැනිදා ලබාදුන් නියෝගයක් මගින් බාලවයස්කාර දැරියට සහන ලබාදීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු දැරියගේ මව මෙලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

එම අභියාචනය අනුව මෙම තීරණය දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!