spot_img
spot_imgspot_img

මිනිසුන් ඝාතනය කරන හැටි බලා සිටි පොලිස් නිලධාරීන් හිරගෙට

පුවත්

විදෙස්

කන්තලේ භාරතීපුරම් පොලිස් ස්ථානයට නිරායුධ වැසියන් 08 දෙනකු රැගෙන ආ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන්ට වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ දී එහි සිටි බව කියන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් 05 දෙනකුට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට උතුරුමැද පළාත් බද පූර්වගාමී මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය නියෝග කළේය.

චෝදනා ලැබ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු පමණක් එම චෝදනාවලින් නිදොස් කර නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

මෙසේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වූයේ කන්තලේ පොලිස් කොට්ඨාසයේ භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර උප පොලිස් පරික්ෂක ජී. එල්. සෝමරත්න පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්‍රේමතිලක සහ අර් ආර් සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන විත්තිකරුවන්ටය.

නිදොස් කොට නිදහස් කර මුදා හැරීමට නියෝග කෙරුණේ පොලිස් සැරයන්වරුන් වන චන්ද්‍රත්න බණ්ඩාර සහ කේ. එම්. මයුරසේන යන විත්තිකරුවන්ය.

1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනයක ත්‍රිකුණාමලය මහාධිකරණ බල ප්‍රදේශයට අයත් කන්තලේ භාරතීපුරම්හි දී දෙමළ ජාතිකයන් 08 දෙනකු පොලිස් ස්ථානයට රැගෙන ආ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඔවුන් ඝාතනය කර තිබිණි. එම විත්තිකරුවන්ට අධි චෝදනා ගොනුකර තිබුණේ නීතිපතිවරයා විසිනි. ඒ හදිසි නියෝග අවස්ථා විධවිධාන පනතේ 26 (1) වගන්තිය ප්‍රකාරව මනුෂ්‍ය ඝාතනයන් සිදු කිරීමේ අදහසින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස සිටි බවට විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!