spot_img
spot_imgspot_img

හිටපු ජනාධිපති මෛත්‍රී ඉන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු අසයි

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නැවත ඡන්දය ඉල්ලනවා යැයි පවසන්නේ රෙදි ඇඳගෙන දැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කරයි.

කාදිනල්තුමා මෙලෙස විමසා සිටියේ පාස්කු ඉරුදින දේවමෙහෙය අද (04) උදෑසන කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරේ දී පැවැත්වීමෙන් අනතුරුවය.

පාස්කු කොමිෂන් සභාවෙන් වරදකරුවකු ලෙස සඳහන්කර ඇති හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාතම්ක කරන ලෙස ද අගරදගුරුවරයා ඉල්ලා සිටි‍යේය.

“රජයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ක්‍රියාවට නැංවිය යුතුයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිනිසුන්ගේ මරණ ගැන දැන දැනත් තමන්ගේ යුතුකම් අමතක කරලා පිටරට ගියා. දැන් කියනවා නැවත ඡන්දය ඉල්ලනවා කියලා. ඔහු කොමිෂන් වාර්තාව අනුව වරදකරුවෙක්. ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න තවත් පරක්කු කරන්න එපා. තමන්ගේ වැරදි තියාගෙන පිලාත්ලා වෙන්න එපා. ගෙදර ගිහින් වැඩක් බලාගන්න.”

පාස්කු ප්‍රහාරය එල්ල වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ ඊයේ (03) රාත්‍රීයේ සහ අද (04) පාස්කු මංගල්‍යය වෙනුවෙන් දිව්‍ය යාගයන් පැවැත්විණි.  

ත්‍රස්ත ප්‍රහාරයෙන් හානි සිදුවු ජේසු ප්‍රතිමාව රැගත් පෙරහැරක් ද දේවස්ථානය වටා සංචාරය කළ අතර එම අවස්ථාව සඳහා පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ අයගේ ඥාතීන් ද තුවාල වූ පිරිසක් ද සහභාගී වූහ. පාස්කු ප්‍රහාරයෙන් මියිගිය අය වෙනුවෙන් ඉදිකර ඇති ස්මාරකයකට පුෂ්පෝපහාර දැක්වීම සියලු දෙනා එක්ව සිදුකළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!