spot_img
spot_imgspot_img

සවුත්ලන්ඩ්ස් විදුහල්පතිනියට සමු දෙන්න මුදල් එකතු කරයි

පුවත්

විදෙස්

ගාල්ල‍ේ සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය විශ්‍රාම ගන්නා විට ත්‍යාගයක් ලබාදිමටත් උත්සවයක් සංවිධානය කිරීමටත් බව පවසමින් රුපියල් 1700.00 ක මුදලක් විද්‍යාලයීය ගුරුවරුන්ගෙන් එකතුකරමින් සිටින බව වාර්තා වෙයි. එමෙන්ම 11 ශ්‍ර්‍රේණියේ දැරියන්ට ද රුපියල් 50.00ක මුදලක් රැගෙන එන ලෙස දැනුම් දී ඇති අතර අනෙක් ළමුන්ට විදුහල්පතිනියට දීම සඳහා කවර ආකාරයක හෝ තිළිණයක් සූදානම් කරන ලෙස දැනුම් දී තිබේ.

මෙම විද්‍යාලයේ සිටින ගුරුවරු සංඛ්‍යාව 180කට අධිකය. ඒ අනුව විදුහල්පතිනියට ත්‍යාගය සඳහා එක් ගුරුවරියකගෙන් රුපියල් 1000.00ක් එකතු කරන අතර පැවැත්වෙන උත්සවයේ වියදම් සඳහා රුපියල් 700.00 බැගින් එකතු කරයි. මේ අනුව විදුහල්පතිනියට ලැබීමට නියමිතව ඇති ත්‍යාගයේ වටිනාකම රුපියල් 180,000.00ක් වනු ඇත. උත්සවය සඳහා රුපියල් 126,000.00 ක් පමණ අවම වශයෙන් එකතු වේ.

සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ පවතින සම්ප්‍රදාය වන්නේ වර්ෂ අවාසනයේ ගරු සුබ සාධක සංගමය විසින් පවත්වන ප්‍රිය සම්භාෂණයක දී අදාල වර්ෂයේ දී විශ්‍රාම ගිය හෝ මාරුවීම් ලැබ ගිය ගුරුවරුන්ට උපාහාර පිදීමයි. නමුත් විදුහල්පතිනිය සඳහා විශේෂ උත්සවයක් සංවිධානය කිරීමට සැළසුම් කර තිබේ. මේ සඳහා ගුරු සුබසාධක සංගමයේ අරමුදල් යෙදවීමට කලින් යෝජනා වුව ද ඒ සඳහා සාමාජික සාමාජිකාවන් කිහිප දෙනකු විරෝධය පළකිරීම හේතුවෙන් මෙලෙස වෙනම මුදල් එකතුකිරීමට තීරණය කර තිබේ.

විදුහල්පතිනියගේ විශ්‍රාම යන දිනය අවුරුදු නිවාඩුවට යෙදී ඇති බැවින් මෙම වාරයේ පාසල් පැවැත්වෙන අවසන් දිනය වන 09 වැනි දා උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් උත්සව පැවැත්වීම සෞඛ්‍ය නීතිවලට පටහැනි වුවත් විදුහල්පතිනියට සමුදීමේ උත්සවය පිළිබඳ පාසලේ සියලු සිසුවියන්ට වට්ස් ඇප් සමූහයන් ඔස්සේ ආරාධනා කර ඇති අතර විද්‍යාලයීය තූර්ය වාදක කණ්ඩායම පවා මෙම උත්සවය වර්ණවත් කිරීම සඳහා පුහුණුවීම් ආරම්භ කර තිබේ. ගාලු කොටුවේ හමුදා කඳවුර අසළ සිට රතු පළසක් මතින් විදුහල්පතිනිය තූර්ය වාදක කණ්ඩායම් පෙරටු කරගෙන විදුහලට කැඳවාගෙන ඒමටත් සැළසුම් කර ඇත.

රජයේ විදුහලක විදුහල්පතිනියක විශ්‍රාම යනවිට මෙවැනි උත්සව පැවැත්වීම අනුමත කරන්නේ ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානයට යොමුකළ යුතු කරුණකි. තෑගි දෙන්නේ ගුරුවරුන්ගේ කැමැත්තෙන් නම් අපි ඊට කිසිවක් නොකියන්නෙමු.

1 COMMENT

  1. මේ වගේ news දාන කාලකන්නි හැත්ත. යම් සේවයක් කරල විශ්‍රාම යන කොට තෑග්ගක් දුන්නම මොකද යකෝ වෙන්නෙ..අනික රටේ හැම් තැනම සෙනග පුරෝගෙන උත්සව..ගුරුවරයෙක්ට උත්සවයක් තිබුනම මොකද ..අනික රට වටේ දේශපාලුවො කෝටි ගනන් හොරා කනව තොපිට පෙන්නෙ නෑ..ගුරුවරයෙක්ට මොකක් හරි කරොත් තමයි මැරෙන්න හදන්නේ..කාලකන්නි හැත්ත..ඒ මනුස්සය ඉස්කෝලෙට වැඩක් කරා..දැනගෙන NEWS දාපං බූරුවා…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!