spot_img
spot_imgspot_img

“විශාල ජනවරමක් යනු අපේක්ෂා ගොඩක්. ප්‍රශ්නය ඇත්තේ එතැනයි.” (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරු, වේත්‍රධාරීවරු ඇතුළු නිලධාරීන් මහා කැපකිරීමක් කර ඇති බවත් ඒ කැපකිරීම් බොහොමයක තොරතුරු ඔවුන් සමඟම කවදා හෝ මියැදෙන බවත් ආචාර්ය රංග කලංසූරිය පවසයි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරියකු වූ විජය පල්ලියගුරුගේ මහතා රචනා කරන ලද “සෙංකෝලය සුරැක්කෙමි” නම් ග්‍රන්ථය එලිදැක්වීමේ උත්සවයේ දී අදහස් දක්වමිනි.

ආචාරේය රංග කලංසූරිය එහි දී මෙසේ ද කීවේය.

“නමුත් මේකකේ නොකාකියවෙන කතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන මහා වෘක්ෂය ආරක්ෂා කරන්න විජය පල්ලියගුරුගේ මහතා වගේ දේශපාලකයන් නොවන මේ නිලධාරීන් කරන කැපකිරීම මේ නිලධාරීන් තමන්ගේ රාජකාරියෙන් ඔබ්වට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය කියන රන් දෙවොළ ආරක්ෂා කරන්න කරන කැප කිරීම ඉතාමත් වැදගත් වෙනවා.

ඉතිහාසයේ පළමු වතාවට මං හිතන්නේ මේ වගේ පාර්ලිමේන්තු මහ ලේකම්වරු එක වේදිකාවක ඉන්නවා. එක්කෙනෙක් අඩුයි මේ කණ්ඩයාමේ පලමුවැනියා සෑම් විජේසිංහ මහතා විතරයි අඩු. මටත් වාසනාවක් තිබුණා එතුමා සමඟ වැඩ කරන්න. එතුමා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි බේරුම්කාර මණ්ඩලයේ සභාපති ලෙස වැඩ කළා.  මම පුවත්පත් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස වැඩ කළා.

ඒ වගේ දැනුම් කෝෂයකින් අපිත් විශාල ලෙස පෝෂණය වුණා. ඒ සෙවණේ හැදුනු මේ මහලේකම්වරු මේ රටේ පාර්ලිමේන්තුව, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඉහළ නංවන්න යහ මඟකට ගේන්න කළ මෙහෙය මේ වගේ පීඨිකාවකට ඇරයුම් කිරීමෙන් පමණක් සීමා කරන්න බැහැ. නමුත් විජය පල්ලියගුරුගේ මහතා අවුරුදු 35ක් තම ජීවිතය, රාජකාරිය, සමස්ත ක්‍රියාදාමයම පාර්ලිමේන්තුව වෙනුවෙන් කැප කරලා පසුව විශ්‍රාම ගිහින් තමන්ගේ මතක සටහන් එලිදක්වන මේ මොහොතේ එතුමා තීරණය කළා එතුමා සේවය කළ සියලු මහලේකම්වරු සහ වේත්‍රධාරීවරු මේ උත්සවටය ආරාධනා කිරීම ඉතාමත් ඓතිහාසික අවස්ථාවක්.

මම බලාපොරොත්තු වෙන්නේ නැහැ පොත ගැන ලොකු විස්තරයක් කරන්න. එය ඔබ විසින් ම කියවා ඔබ විසින් ම ඇගයීමක් කරන්න ඕන කියලයි මම හිතන්නේ. සම්ප්‍රදායික පොත් එළිදැක්වීමක දී කියවෙන පොත පිළිබඳ විවරණයකට වඩා එහා ගිය මේ පොතේ නොකියා කියවන කතාවක් ගැන කියන්න මම තීරණය කලා. මෙහි පසුවදනේ මම සඳහන් කළා එතුමා පොත ලියන විට ලිවිය යුතු දේවල් සහ නොලිය යුතු දේවල් වෙන්කරගත්තා.

එතුමාට මේ පොතේ තව ලියන්න කතා ‍හුගක් තියෙනවා. අපිත් එක්ක නිවාඩු පාඩුවේ හමුවෙන කොට ගොඩක් කතා කියනවා. ඒවා ඔක්කොම මේකේ ලියන්න බැහැ. නමුත් ඇතැම් දේවල් ලියලා තිබුණා. පසුව මේ පොත ගැන නැවත පරීක්ෂා කරනවිට ඇතැම් දේවල් අයින් කරමු කියලා එකඟ වුණා. ඒ වගේ බොහෝ රහස් බොහෝ න‍ොකියවුණු කතා දේශපාලනයේ ඉතා වැදගත් කතා පළ නොවී මියයාම ගැන ‍ශෝකයක් ඇති වෙනවා. ඒවගේ රහස් ‍කොතරම් තියෙනවා ද කියන්න බැරි දේමල් අප සමඟ මියැදෙන කතා කොතරම් තියෙනවා ද

නමුත් මේකේ නොකාකියවෙන කතාව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන මහා වෘක්ෂය ආරක්ෂා කරන්න විජය පල්ලියගුරුගේ මහතා වගේ දේශපාලකයන් නොවන මේ නිලධාරීන් කරන කැපකිරීම පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම මමත් ඇතැම් අවස්ථාවල දී පාර්ලිමේන්තු මහලේකම් ඇතුලු නිලදාරීන් සමග කටයුතු කරනවා විවිධ අවසථාවලදී ‍මේ නිලධාරීන් තමන්ගේ රාජකාරියෙන් ඔබ්වට ගොස් ප්‍රජාතන්ත්‍රවාදය කියන රන් දෙවොළ ආරක්ෂා කරන්න කරන කැප කිරීම

නමුත් අද අපි කියන මේ ප්‍රජාතන්ත්‍රවාදය කොච්චර දුරට යථාර්ථයක්. මේකට විවිධ අර්ථ කථන තියනෙවා. මම ඉතා කෙටි කාලයක් තුළ පොඩි උදාහරණ කිහිපයක් අරගෙන අපි අත්විදින ප්‍රජාත්න්දත්‍රවාදය ගැන විවරණයක් කරන්නම්.

මම මේක පටන් ගන්න විදිය ගැන උදේ ඉදලා කතා කළා. අද ප්‍රජාතන්ත්‍රවාදයේ අයිකන් එක හැටියට පරමාදර්ශී රට අපේ අල්ලපු රට ඉන්දියාව. ලෝකයේ විශාලතම ප්‍රජාත්නත්‍රවාදී රට ඉන්දියාව ඉන්දියාව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදී දර්ශක වලින් පහළට වැටිලා. පසුගිය වසරේ කළ සමීක්ෂණ විලින් ඉන්දියාවේ සුපසන් සුපිරිසිදු බවින් පහළට වැටිලා පියවර තුනකින්.

යම් තාක් ප්‍රමාණයකට කොටසක් පමණක් ඉතිරි වූ ප්‍රජාතන්ත්‍රවාදය කියා කියනවා. ස්වීඩනයේ වීඩම් අයාතනය මෙය ශ්‍රේණිගත කිරීම කළා. දැන් ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදයේ ඡන්දයෙන්  තෝරා ගත් ඒකාධිපති කියන්න බැරි නමුත් ඒකතන්ත්‍ර පාලනයකට. ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය පහළට ටැටුනත් ඉන්දියාවේ වත්මන් අගමැති මෝදි ගත කරන්නේ දෙවැනි වාරය හත්වැනි අවුරුද්ද සාමාන්‍ය ර‍ටාවේ නම් ජනප්‍රියත්වයේ අන්තිම කොනේ ඉන්න ඕන මේක රැකගැනීම ඉතා අපහසුයි. තම ජනප්‍රිය ආරක්ෂා කිරීම අභියෝගයක්. මේ දෙවැනි වාරයේ තුන්වැනි අවුරුද්දෙත් 74% ඔහුගේ ජනප්‍රියත්වය. ප්‍රජාතන්ත්‍රවාදය පහළ වැටෙනවා අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ඉහළ යනවා. මේකට කරුණු දෙකක් බලපානවා.

එකක් අයෝධයා හින්දු දේවාලය නැවත ප්‍රතිසංස්කරණය එතුමා මුල්ගල් තිබ්බා එතුමාම තමයි මේක විනාශ කරන්න මුල් වුණේ කියලා චෝදනාවක් තිබෙනවා මේ ප්‍රශ්නය නිසා තමයි මෝදි මහතාට ඇමෙරිකාව වීසා නොදුන්නේ. ඒ වගේම කොරෝනා පාලනය කළ විදිය. ඉන්දියාව තමයි ඇමෙරිකාවට දෙවැනි වෙලා තියෙන රට. නමුත් රටේ තියෙන පිළිගැනීම මේක හේතුවෙන් ලබාදීපු සහන මල්ල ජනතාවට ලොකු සහනයක් වුණා කියන එක. මේ නිසා ඔහුගේ ජනප්‍රිය වැඩි වෙළා නැවත ඡන්දයක් තිවුවොත් ඔහු දිනනවා. පැත්ත පළාතක එන්න කෙනෙක් නැහැ.  

ඒ එක උදාහරණයක්

දෙවැන්න අපේම කලාපයේ රටකින් පිලිපීනය ඩුටාටේ ජනාධිපතිතුමා. එතුමාගේ ක්‍රියාකලාපය ගොක් අය දන්නවා. ජනප්‍රියත්ව 91% මේ දෙවැනි වසර ගත කරන්න්. මගේ පිලිපීන මිත්‍රයකුට කතා කරලා ඇහුවා කොහොම ද ජනප්‍රිය වෙලා ඉන්නේ. ධූර දෙකක කාලයේ දී එතුමා කළ කැම්පේන් එක තමයි මත්ද්‍රවය වලට එරෙහි යුද්ධය හොය ාහොයා ඝාතනය කළා 35,000ක් ඝාතනය කළා. රටේ තියෙන විශාලතම මාධ්‍ය ආයතනයට සීමා කළා. මාධ්‍යවේදියෝ පෙන්වන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය 53 සිට තිබුණේ දැන් 55ට ඇවිත්. ප්‍රජාතනතවාදායේ සියලු යහ ගුණ බිංදුවයි. මෙහොතාකටවත් හිතන්න එපා මේ කියන්නේ ජනප්‍රිය නායකයන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියන එක නෙවෙයි මේ දෙක සමබර කරගන්නේ කොහොමද කියන එක

අපි ඉන්නේ ප්‍රශ්නයක ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තියෙන්න්. කොහ‍ොම ද ආරක්ෂා කරන්නේ. තුර්කිය, ඉන්දුනීසියාව මේ වගේ ඉන්දුනීසියාවේ නායකයාට සිදුවුනා මුස්ලිම් ජාතික අන්තවාදී නායකයෙක් සමඟ අත්වැල් බැඳ ගන්න. ඔහු පරද්දන්න

තුන්වැනි උදාහරණය මියන්මාරය ගැන කතා කරන්නම්

මියන්මාරයේ තමයි ප්‍රජාත්නතව්‍රවාදී සංකේතයට අවැදුණු අතිශය මරු පහර. ඒ රටේ හමුදාව සමස්ත රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරලා බලය ඇල්ලුවා.  හමුදාව බලය ඇල්ලීමේ වකීම අවුන් සාන් සුචී භාරගත යුතුයි. ඇය අසමත් වුණා ප්‍රතිසංස්කරණ ගේන්න ඒ නිසා ජනතාව පැරදුණා. හමුදාව දිනුවා සුචී බලයට පත්වෙන්නේ 86% බහුතරයක් ඇතිව.

හමුදාවෙන් හදන ව්‍යාවස්ථාවේ පිළිවෙලින් තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න. ඒ අනුව මැතිවරණය තියෙනවා. මියන්මාරයේ හමුදාවට දේශපාලන පක්ෂයක් තියෙනවා. අවුරුදු 48ක් රට කරපු හමුදාව තමන්ට දේශපාලන පක්ෂයක් හැදුවා. ඒක ඡන්දය ඉල්ලනවා අවුන් සාන් සුචී ඡන්යදට එන්නනේ නැති නිසා හමුදා පක්ෂය දිනලා අවුරුදු 5ක් රට පාලනය කරනවා. හැබැයි ඒ ආණ්ඩුකරණය රට සම්පූර්ණයෙන් ම ප්‍රජාතන්ත්‍රවාදයට ගෙනෙන පාලනයක්.

මොවුන් ක්‍රමයෙන් අවුන් සාන් සුචීට බලයට ආවත් එයාට ජනාධිපති වෙන්න බැරි වෙන්න ව්‍යවස්ථාව හදලා තියෙන්. හමුදාව ව්‍යවස්ථාව හැදුවේ පාර්ලිමේන්තුවේ  25% හමුදා නිලධාරීන්ට වාඩි වෙන්න හැකි ආකාරයට.  ව්‍යවස්ථාව වෙනස් කරන්නනම් ¾ක බලය ඕනැ හමුදාව 25% පාර්ලිමේන්තුවේ සිටින තුරු මේක කරන්න බැහැ. 2015 අවුන් සාන් සුචීට බලය ගත්තම එයාට අමතක වුණා ජනතාවගේ විශාල බලයෙන් ආපු නායිකාවක් බව. ඇයට අමතක වෙනවා, අසමත් වෙනවා බලය පාවිච්චි කරලා රටට අවශ්‍ය වෙනස්කම් කරන්න. ඇයට ක්‍රම දෙයක් තිබුණා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න. නැතිනම් තියෙන ව්‍යවස්ථාවට සංශෝධන 168ක් අවශ්‍ය වෙලා තිබුණා. පාර්ලිමේන්තු ඇතුළේ ඉන්න තමුන්නාන්සේලා දන්නවා එක සංශෝධනයක් ගේනන් කොයිතරම් අමාරුද කියා.

සුචී අවුරුදු 5ක් තුළ ඔප්පු කළා ඇය රාජ්‍ය පාලන, දේශපාලනය අසමත් බව. රාජ්‍ය තාන්ත්‍රිකව ප්‍රතිරූපයක් පමණයි. රාජ්‍ය පාලනයේ දී ඇය ‍අසමත්. 168න් ගෙනාවේ සංශෝදන 4යි. ඔය අස්සේ පසුගිය වසරේ ඇය යළි දිනන බව දැනගත් හමුදාව ඉතාමත් සූක්ෂමව රකායන් ප්‍රශ්නය ඇතිකළා. සංවිධානමත්මකව කල්ලි රකායන් ප්‍රදේශයට යවලා මුස්ලිම්වරු ඝාතනය කරලා ඒ චෝදනාව සුකි පිට පැටෙව්වා. ඇයට සිදුවුණා අන්තර්ජාතික අධිකරණය ඉදිරියේ හමුදාව වෙනුවෙන් පෙනී සිටින්න. ඇය හමුදාව ආරක්ෂා කරන වැඩපිිළිවෙලක් ගෙනිච්චා. අවසානයේ ඒ හමුදාව විසින්ම ඇයව අත්අඩගුවට ගැනීම සිදුවුණා.

දැන් බලයේ ඉන්න හමුදාපති තුමා ඒ තනතුරට පත්වෙන්නේ  2011 දී. එතුමාට සෑහෙන ව්‍යාපාර තොගයක් තියෙනවා මියන්මාරයේ ඇති සමස්ථ ව්‍යාපාර වලින් 60% පාලනය කරන්නේ හමුදාව. ලාභ කොටස් යන්නේ හමුදාවේ අයට. දැන් ඉන්න හමුදාපතිට විශාල ව්‍යාපාරික  කොටස් තිබෙනවා. එතුමාට ජනාධිපති වීමේ පුදුම ආසාවක් තිබුණා. එයා බලාගෙන හිටිය සුචීට සුළු හෝ පාරායක් වෙලා  ජනාධිපති වෙන්න පුළුවන් වෙයි කියලා.

මේ ජූලි 23 එතුමා විශ්‍රාම යනව වයස 65කින් ඊට පස්සේ එතුමාට අන්තර්ජාතික අධිකරණයට යන්න වෙනවා. අන්තර්ජාතික අධිකරණය විසින් මියන්මාරය කොටු කරලා හමාරයි. මේ ප්‍රශ්න ඔක්ක‍ොම බැලුවාම හමුදාපතිට වෙන විකල්පයක් නැහැ බලය ඇල්ලීම හැරෙන්න. ව්‍යවස්ථාවේ ම ප්‍රතිපාදනයක් තියෙනවා හමුදාවට දැනුනොත් හැඟුනොත් රටේ දේහපාලනය අස්ථාවරයි කියලා ඔවුන්ට බලය තියෙනවා මැදිහත් වෙන්න ජනවාරි 31 වැනි දා රෑ 12 රජය නිල වශනෙ අවසන් වුනා 01 දා උදේ 10 ට අලුත් ආණ්ඩුව දිවුරුම් දෙන අතර කාලයේ දී හමුදාව බලය අල්ලුවා. ඒ නිසා කියනවා අපි කළේ කුමන්ත්‍රණයක් නොවේ ව්‍යවස්තනුකූළව බලය අල්ලීමක් කියලා.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ ගැන කතා කරන්න රැස්වුණා.  නමුත් විසඳුමක් නැතිව සාකච්ඡා අවසන් කළා. කවුද බාධා කළේ ? චීනය. චීනය තමන්ගේ නිශේධ බලය පාවිච්චි කරලා කිව්වා. කිසිම මැදිහත්වීමක් මියන්මාරයට කරන්න එපා කියලා. ඔවුන් විරුද්ධ වුණා. ලෝක බලවතුන් කිසි කෙනෙකුට අදත් මියන්මාරයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න බැරිවෙලා තියෙනවා මියන්මාරයට වඩා චීනය වටිනවා. මියන්මාරයේ තිබෙන  චීන මර්මාන්තශාල විශාල ණනක් ගිනිබත් කරලා තියනෙවා. මිනිසුන්ගේ විරෝධය චීනයට. මිනිසුන් විශ්වාස කරනවා හමුදා කුමන්ත්‍රණය පස්සේ චීනය ඉන්නවා කියලා. එතකොට චීනයට විරුද්ධ වෙන්න බැරි නිසා ආසියානු රටවල පවා වැඩිය කතා කරන්නේ නැහැ මියන්මාරය ගැන.  මිනිස්සු ඝාතනය වෙනවා පොඩි දරුවෝ ඝාතනය වෙනවා නමුත් අන්තර්ජාතික ප්‍රජාව තාම කල්පනා කරනවා මොකද කරන්නේ කියලා මොන විදියේ සම්බාධක ද පනවනවන්නේ කියලා.

ප්‍රජාතන්ත්‍රවාදයට මේ තරම් තර්න එල්ල වුණත් ලෝක දේශපාලනය ඊට වඩා ප්‍රබලයි. චීනය නිසා මියන්මාරයේ ඇතිව තිබෙන අන්තර්ජාතිකව බලපපෑම්කළ යුතු ප්‍රශ්නකට වුණත් ලෝක බලවතුන් තීරණයක් ගන්නේ නැහැ.

මේක තමයි අන්තර්ජාතික තත්ත්වය අපිට ලොකු ප්‍රශ්නයක්තියෙනවා අපි ප්‍රජාතන්ත්‍රවාදය කියන සතෙක් විදියට අලුත් මූණක් දාගෙන ඉන්වාද කියලා

ඉන්දියාවේ මෝඩිගේ වගේ, පිලිපීනයේ ඩුටාඩේගේ වගේ, ඡන්දයෙන් දිනපු රජය ගෙද යවලා මිනිසුන් සිය ගණන් ඝාතනය කරන මියන්මාරයේ වගේ දේශපානයක් ආණ්ඩු තියෙන විට අපි ආරක්ෂා කරන්න හදන ප්‍රජාතන්ත්‍රවාදය කොයි වගේ හැඩරුවක් ගනී ද කියලා අපිට බරපතල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වෙනවා.

යුරෝපීය ගුණාත්මක ක්‍රමවේද වලින් හදන ප්‍රජාත්නත්‍රවාදය නෙවෙයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ මේ ආසියානු කලාපෙය් සාමාන්‍යයෙන්  මම අර කිව්වා වගේ මෝදි අගමැති තුමාගේ ජනප්‍රියයත්වයට හේතු වුනු රාම් අයෝධ්‍යා කෝවිල කේනද්‍ර වූ සිද්ධිය වැනි දේවල් ගැන.

මහාචාර්ය සොයිසා මහතා සමඟ මම මේ ගැන කතා කළාම ලස්සන කතාවක් කිව්වා “රංග ඉන්දියාවේ දෙවිවරු ටිකයි ගංගා නම් ගඟයි හිමාල කන්දයි දේශපාලකයන්න ලව නලවා ඉන්නකන් ඒ මිනිස්සු ඡන්දයෙන් පරද්දන බැහැ මේක තමයි සංස්කෘතික දේශපාලනය”

මෝදි හොදට දන්නවා හින්දු කෝවිලට ගිහින් හින්දු මිනිස්නට කතා කරන හැටි හින්දුවත්වා කියන දේ හොඳට භාවිතා කරනව ජනප්‍රියත්වය බස්සවන්න බැහැ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග දවසෙන් දවස පහළට යනවා. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් මාධ්‍ය නිදහස සියල්ල කතාවන් පමණයි. ඒ සියල්ල අතර‍ෙ මෝදි තම ජාතිකවාදී කාඩ් එක සේලලම් කරනවා ඩුටඩේ ජනප්‍රය වෙන්නේ ඔහු දූෂිතයෙක් නෙවෙයි වසර 35ක දේශපාලන ජීවිතයේ ඔහුට දූෂිත චෝදනා නැහැ වටේ ඉන්න අය හොරා කනවා ඒක‍ෙ කොහෙත් වෙනවා. 35,000ක් මරලා දූෂණ චේදනා නැහැ. ඒ වගේම කොරෝනා මර්දනය හොඳට කළා. රෝගීන් ඉන්නවා. නමුත් ජනප්‍රියයි.

මේවා ශාස්ත්‍රීයව විග්‍රහ කරන්න ඕනෑ කරුණු. අලුත දේශපාලකයන් බිහිවෙන කොට ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය අනුගත වෙවා ද කියා බලන්න ඕනෑ. විශාල බහුතරයකින් දිනන නායකයන් ඉක්මනින් පි‍රිහෙනවා. අවුන්සාන්ට වුණේ ඒක  විශාල ජයග්‍රහණයක් කියන්නේ අපේකෂා ගොඩක්. අපේක්ෂා කළමනාකරණය තමයි රාජ්‍ය පාලනයේ වැදගත්ම දේ. බොහෝ ‍අපේක්ෂා ඉටුකරන්න බැරිවේයි. ඒවා කළමනාකරණය කරන්න රාජ්‍ය නායකයෝ දැනගන්න ඕනෑ. මෝදි  සහ ඩුඩෙට් ඒක හොදට කරනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොකළාට ඒ නිසා ඔවුන් ජනප්‍රියයි. අවුරුදු හතරකට ස්සේත් ජනප්‍රයිත්වය රදාගන්නවා නම් එය අපි වෙනම සොයා බැලිය යුතු කරුණක්. ප්‍රජාත්නත්‍රවාදය ආරක්සා කරන්න තියෙන හොදම ආයතනය පාර්ලිමේන්තුවේ අවුරුදු  35ක් සේවය කරලා “සෙංකෝලය සුරැක්කෙමි” කියා පොතක් ලියන්නේ අන්න ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න.

එතුමා සෙංකෝලය ගැන කිව්වාට සෙංකෝලයෙන්  කියවෙන්නේ මොකක්ද? සෙංකෝලයෙන් ඇඟවෙන්නේ  කුමක් ද කියන එක අපිට අලුත් දෙයක් නොවෙයි එ තමයි මේ රටේ ප්‍රාත්නත්‍රවාදය. අර මන්ත්‍රීවරු පොරකද්දී, සෙංකෝලය අරන් දුවද්දී, ගුටි කකා සෙංකෝලය ආරක්ෂා කරත්තු හැටි මේ පොතේ තියනෙවා. එතුමා කියනවා සෙංකෝලය උදුරද්දී කෙහෙල් කැනක් උස්සාගෙන නටනවා වගේ ඒ පොරයෙන් බේරාගත්ත අයුරු. මේ තමයි මේ රටේ දේශපාලකයන් නොවන නිලධාරීන් ප්‍රජාතන්ත්‍රවාදයේ රන් දෙවොළ වූ පාර්ලිමේන්තුවේ දී ප්‍රජාතන්ත්‍රවාදය කියන උත්තරීතර දේ ආරක්ෂා කරගන්නා ආකාරය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!