spot_img
spot_imgspot_img

ලොව වයස්ගතම ඔලිම්පික් ශූරියගේ උපන්දිනය

පුවත්

විදෙස්

දැනට ජීවතුන් අතර සිටින ලොව වයස්ගතම ඔලිම්පික් ශූරිය වන ඇග්නස් කෙලෙටි අද (09) තම 100 වැනි උපන්දිනය සැමරුවාය.

හංගේරියානු සහ ඊශ්‍රායල ඔලිම්පික් සහ ලෝක ශූරියක් වන ඇය ජිම්නාස්ටික් පුහුණු කාරිනියක ලෙස ද දීර්ඝ කාලයක් සේවය කළාය. ඔලිම්පික් උළෙල සඳහා හංගේරියාව නියෝජනය කරමින් රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 02ක් වශයෙන් ඔලිම්පික් පදක්කම් 10ක් දිනා ඇති ඇය යුදෙව් ජාතික කාන්තාවකි. එබැවින් ඇය සර්ථකම යුදෙව් ජාතික ඔලිම්පික් ක්‍රීඩිකාව ලෙස ද සැළකේ. ඊශ්‍රයාලයේ පුරවැසි භාවය ඇති වෙනත් ඕනෑම පුද්ගලයකුට වඩා ඔලිම්පික් පදක්කම් දිනා ඇති ඇය මාර්ක් ස්පිට්ස් හැර වෙනත් ඕනෑම යුදෙව්වෙකුට වඩා ඔලිම්පික් පදක්ම ද ඇය ලබා සිටියි.

1956 වර්ෂයේ ඔලිම්පික් උළෙලේ දී වඩාත් සාර්ථකම ක්‍රීඩිකාව ලෙස හැඳින්වූ ඇය 1957 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වූවාය.

හංගේරියාවේ බුඩාපෙස්ට් හි උපත ලැබූ ඇග්නස් කෙලෙටි ජිම්නාස්ටික් ක්‍රීඩාව ආරම්භ කර ඇත්තේ වයස අවුරුදු 04ක දී ය. වසය 16 ව විට ඇය ජිම්නාස්ටික් ක්‍රීඩාවේ හංගේරියානු ජාතික ශූරතාව දිනා ගත්තාය. 1947 සිට 1956 දක්වා ඇය හංගේරියාවේ ජාතික ශූරතාව 10 වතාවක් දිනා ගැනීමට සමත්විය.

1940 දී ඔලිම්පික් තරඟාවලියට යාමට සූදානම් වූ කෙලෙටි හංගේරියාවේ ඉහළම බලාපොරොත්තුව වුව ද දෙවැනි ලෝක මහා යුද්ධය හේතුවෙවන් 1940 සහ 1944 වර්ෂවල ඔලිම්පික් උළෙල අවලංගු කළ බැවින් ඇයට එම අවස්ථාව අහිමි වී ගියේය. 1941 දී ඇය යුදෙව්වකු වීම හේතුවෙන් ඇගේ ජිම්නාස්ටික් සමාජයෙන් ඉවත් කර තිබිණි.

යුදෙව්වන් ඝාතනය කරන නාසිවරුන්ගෙන් බේරීම කෙලෙටි හට ඉතා අසීරු කරුණක් වී තිබිණි. විවාහක කාන්තාවන් කම්කරු කඳවුරුවලට ගෙන නොයන බව දැනගත් ඇය 1944 දී හං‍ේගරියානු ජිම්නාස්ටික් ක්‍රීජකයකු වූ ඉක්වින් ඉස්කාන් සර්කානි සමග විවාහ වූවාය. ඔහු ද හංගේරියානු ජාතික ශූරතාව 1930 දී දිනාගෙන තිබිණි. 1936 දී ඔහු බර්ලින් ඔලිම්පික් උළෙල ද නි‍යෝජනය කළ ක්‍රීඩකයෙකි. මේ දෙදෙනාගේ විවාහය 1950 දී දික්කසාදයකින් කෙලවර විය.

යුදෙව්වකු වීම නිසා කිසියම් මොහොතක තමන් ඝාතනය විය හැකි බව දැනගත් කෙ‍ලෙටි ක්‍රිස්තියානි දැරියකගේ හැඳුනුම්පතක් මිල දී ගෙන ඒ නමින් පෙනී සිටියේ කුඩා ගමක සේවිකාවක ලෙස කටයුතු කරමිනි. ඇගේ මව සහ සහෝදරිය ද සැඟවී සිටි අතර ඔවුන් ස්වීඩනයේ තානාපති රාවුල් වොල්න්බර්ග් විසින් බේරාගෙන තිබිණි. එසේ වුව ද කෙලෙටිගේ පියා නාසි හමුදාවට හසුවීම නිසා අවුස්විට්ස් කඳවුරට ගෙන ගොස් පසුව ඝාතනයට ලක්ව තිබිණි. ඇගේ ඥාතීන් ද විශාල සංඛ්‍යාවක් ඇයට යුද්ධයෙන් අහිමිවිය.

1945 දී සෝවියට හමුදා විසින් බුඩාපෙස්ට් වටලෑමේ දී කෙලෙටි සමූහ මියගිය අයගේ සිරුරු අතර සැඟවී සිය දිවි බේරා ගැනීමට සමත්වූවාය.  

යුද්ධයෙන් පසු යළි ජිම්නාස්ටික් පුහුණුව ආරම්භ කළ කෙලෙටි 1946 දී යළි හංගේරියානු ශූරතාව හිමිකර ගත්තාය. 1947 දී මධ්‍යම යුරෝපීය ජිම්නාස්ටික් ශූරතාව දිනා ගැනීමට ද ඇය සමත් වූවාය. සිය සැමියා වූ සර්කානිගේ නම භාවිතා කිරීම හේතුවෙන් ඇග්නස් සර්කානි ලෙස ලැයිස්තිගත වී  1948 දී ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබූව ද පාදයේ අස්ථියක සිදුවූ බිඳීමක් හේතුවෙන් තරඟාවලිය මඟහැරිණි. 1949 දී ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ දී ඇය රන් පදක්කම් 04ක්, රිදී පදක්කමක් සහ ‍ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

දිගින් දිගටම පුහුණුවීම් කරගෙන ගිය ඇය 1952 දී යළි ඔලිම්පික් වරම් දිනාගන්නා විට 31 හැවිරිදි වියේ පසුවූවාය. එම තරඟාවලියේ දී ඇය එම තරඟාවලියේ දී රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් වශයෙන් පදක්කම් 04ක් දිනාගත්තාය.

ඉන් පසු 1954 දී ලෝක ශූරතා තරගාවලියට සහභාගී වී ලෝක ශූරිය බවට ද පත්වූ කෙලෙටි 1956 මෙල්බර්න් හි පැවැති ඔලිම්පික් උළෙලේ දී තවත් පදක්කම් 06ක් දිනා ගත්තාය. ඒ වනවිට 35 වැනි වියේ පසුවූ කෙලෙටි ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කමක් දිනාගත් වයස්ගතම ජිම්නාස්ටික් ක්‍රීඩිකාව බවට පත්වූවාය. 1956 වර්ෂය් ඇය හංගේරියාව වෙනුවෙන් මෙල්බර්න් නුවර ඔලිම්පික් උළෙලේ දී පදක්කම් දිනා ගනිද්දී රුසියාව හංගේරියාව ආක්‍රමණය කළේය. ඇය ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 44 දෙනෙක්  දේශපාලන රැකවරණ ඉල්ලා ඕස්ට්‍රේලියාවේ රැකවරණ ලබා ගත්හ

1957 දී ඊශ්‍රායලයට සංක්‍රමණය වූ කෙලෙටි එම වසරේ දි ම මැකබියා ක්‍රීඩා උළෙලට ද සහභාගී වූයා. ඇගේ මව සහ සහෝදරිය ද ඊශ්‍රායලයට ගෙන්වාගත්තාය. ඇය ඊශ්‍රායලයේ දී හමුවූ හංගේරියානු ශාරීරික අධ්‍යාපන ගුරුවරයකු වූ  රොබට් බිරෝ සමඟ විවාහ වූ අතර ඔවුන්ට ඩැනියෙල් සහ ර‍ෆායෙල් නමින් පුත්තු දෙදෙනෙක් සිටිති.

ජිම්නාස්ටික් තරඟ දිවියෙන් සමුගත් ඇය ටෙල් අවීව් විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශකවරියක ලෙසත් වසර 34ක්  නෙතන්යා හි වින්ගට් ක්‍රීඩා ආයතනයේත් සේවය කළාය. 1990 දශකය දක්වා ඊශ්‍රායලයේ ජාතික ජිම්නාස්ටික් කණ්ඩායමේ පුහුණු කාරිනියක ලෙසත් ඇය සේවය කළාය.

2015 වර්ෂයේ සිට බුඩාපෙස්ට් හි ජිවත් වන ඇය 2016 මැයි 21 වැනි දින සන්ඩොර් ටාරික්ස් මියගිය පසු හංගේරියානු ජාතික වයස්ගත ඔලිම්පික් ශූරයා ලෙස නම් ලැබුවාය. 2019 අප්‍රේල් මස 13 වැනි දිදන ලිඩියා වයිඩ්මන් මිය ගිය පසු ඇග්නස් කෙලෙටි ලෝකයේ ජීවත්වන වයස්ගතම ඔලිම්පික් ශූරයා බවට පත්ව සිටින්නීය. ඇය අද තම 100 වැනි උපන්දිනය මහත් සතුටින් සැමරූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

Keleti Ágnes, melbourne-i olimpia győztes és a legöregebb élő magyar olimpikon az othonában 2016 január 7-én
Helsinki, 1952. július 30. Keleti Ágnes, a talajtorna első helyezettje átveszi az aranyérmet, a második a szovjet Gorohovszkája (b), a harmadik helyen pedig Korondi Margit (j) végzett. A Helsinkiben 1952. július 19. és augusztus 3. között rendezett XV. nyári olimpia történelmi jelentőségűnek nevezhető abból a szempontból, hogy a 69 nemzet között ismét részt vettek a játékokon a japánok és a nyugatnémetek, megjelentek a Kínai Népköztársaság sportolói és először nevezett be a küzdelmekbe a Szovjetunió, amely a pontversenyben – az Egyesült Államok mögött – második lett. A magyar sportolók 16 arany, 10 ezüst és 16 bronzéremmel a nemzetek közötti nem hivatalos pontversenyben a 3. helyet szerezték meg. Ez volt Magyarország eddigi legsikeresebb olimpiai szereplése. MTI Külföldi Képszolgálat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!