spot_img
spot_imgspot_img

ඉන්දුනීසියා යානයේ සුන්බුන් මුහුදේ සොයයි

පුවත්

විදෙස්

ඉන්දුනීසියානු එයාර් ජෙට් යානය මුහුදට කඩා වැටුණු ස්ථානය සොයාගත් බවත් එහි සෝදිසි මෙහෙයුම් සඳහා නැව් 10ක් යොදවා ඇති බවත් ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.

ඉන්දුනීසියාවේ ශ්‍රී විජය ගුවන් සේවයට අයත් බොයිං 737 වර්ගයේ යානාය, පුද්ගලයන් 62ක් සමඟ ජාකර්තා නුවර සිට බටහිර කලිමන්තාන් පළාත බලා ගමන් කරමින් සිටින අතරතුර අතුරුදන් වී තිබිණි. යානය ගුවන්ගත වී විනාඩි 04කට පසු රේඩාර් පථයෙන් අතුරුදන් වී ඇත.

මේ වනවිට යානය කඩා වැටුණු බවට විශ්වස කෙරෙන ප්‍රදේශය හුනාගෙන තිබේ. යානයේ සුන්බුන් හා එහි සිටි මගීන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. අනතුරට පත් ගුවන් යානයේ ආපදා සංඥා නිකුත්ව නැත. තමන්ට විශාල පිපිරුම් හඬක් ඇසුණු බවත් අනතුරුව යානය අනතුරට ලක්වනු තමන් දුටු බවත් ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් මාධ්‍යයට වාර්තා කර තිබිණි. එක්තරා ධීවරයන් පිරිසක් යානයේ සුන්බුන් ලෙස සැළකෙන කොටස් කිහිපයක් ද මාධ්‍යයට දක්වා තිබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම යානය වසර 26ක් පැරණි බවයි.

යානය පියාසර කිරීමට සුදුසු තත්ත්වයේ තිබූ බවත් අධික වර්ෂාව හේතුවෙන් මෙම ගමන ආරම්භ කිරීම විනාඩි 30ක් ප්‍රමාද වූ බව ගුවන් සමාගමේ නිධාරීන් පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!