spot_img
spot_imgspot_img

පන්සලට ආ සිසුවාටත්, සිසුවියටත් භික්ෂුව පහර දීලා. සිසුවාට විභාගයත් අහිමිවෙයි

පුවත්

විදෙස්

උපකාරක පන්ති නොපැවැත්වුණු බැවින් තම මිතුරියක සමඟ පන්සලකට පැමිණි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන බෞද්ධ භික්ෂුවක් ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

පහරකෑමට ලක්වූ සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත ශිෂ්‍යකු වන අතර දෙමාපියන් පවසන්නේ දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිිකාර ලැබූ දරුවාට මේ දක්වා සුවයක් නොමැති බැවින් විභාගයට පෙනී සිටීමට නොහැකි බවයි.

මෙම සිසුවා පසුගිය 25 වැනි දා විභාගයේ ප්‍රවේශපත්‍ර ලබාගැනීමට පාසලට ගොස් ඇති අතර සවස පැවැති උපකාරක පන්තියකට ද සහභාගී වීමට ගොස් තිබේ. නමුත් එම උපකාරක පන්තිය නොපැවැත්වීම හේතුවෙන් ඔහු මිතුරියක ද සමඟ ප්‍රදේශයේ විහාරස්ථානයට ගොස් ඇත.

ඔහු සමඟ ගිය පාසල් සිසුවිය පවසන්නේ තුවාල ලබා අසාධ්‍යව සිටින විහඟ තමන් සමඟ පන්සලට ගිය අවස්ථාවේ දී තමන් ඉදලක් රැගෙන පන්සලේ මළුව අතුගෑමට ගත් බවයි. එම අවස්ථාවේ විහාරස්ථානයේ හිමියන් එතැනට පැමිණ විහඟට ඉදලකින් පහර දී ඇත. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා හිමියන්ගෙන් බේරී දිව ගිය බවත් පසුව නැවත කතා කර තමන්ටත් පහරදුන් බවත් එම සිසුවිය පවසයි.

පහරකෑම හේතුවෙන් අසාධ්‍යව සිටි සිසුවා දෙමාපියන් විසින් රෝහල්ගත කර පොලිසියට ද මේ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලිසිය සිද්ධිිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා බෞද්ධ භික්ෂුව අත්අඩංගුවට ගෙන තිබේ.

පහරකෑමට ලක් වූ සිසුවාගේ දෙමාපියන් ඉල්ලා සිටිනේනේ තම දරුවාට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවද පවසයි. ඔවුන්ට මාතර රෝහලේ වෛද්‍යවරු පවසා ඇත්තේ දරුවාගේ ප්ලීහාවට හානි සිදුව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!