spot_img
spot_imgspot_img

“ඔව් මම නන්දසේන ගෝඨාභය. චරිත දෙකක් තියෙනවා” – ජනපතිගෙන් සැර කතාවක්

පුවත්

විදෙස්

තමන්ට අවශ්‍ය ජනතාවට වැඩ කිරීමට බවත්, හාමුදුරුවරු ටිකක් සැර වෙන්න යැයි ඉල්ලා සිටින බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අම්පාර, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලාහුගල ප්‍රාථමික විදුහලේ පැවති “ගම සමග පිළිසඳර” පස්වන අදියරේ වැඩසටහනට අද (09) එක්වෙමිනි. 

විපක්ෂයේ සිට හඳුනාගත් ජනතා ගැටළුවලට විසඳුම් දී ගමට තිරසාර සංවර්ධනයක් උදා කරන බව ජනාධිපතිවරයා කියා මෙහිදී පැවසීය.

සිදුකර ඇති වැරදිවලට දඬුවම්දීම නීතියට පැවරී ඇති කාර්යභාරයකි. ඊට මැදිහත් වී කලින් රජය කළාත් මෙන් දේශපාලන පළිගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ජනාධිපතිවරයා සඳහන් කරයි. ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටී.

ජනාධිපතිවරයා වැඩිදුරටත් එහි දී මෙසේ ද කීවේය.

“ස්වාමීන් වහන්සේලා මගෙන් බලාපොරෝතත්තු වෙන්නේවෙනදා තිබුණාට වඩා වෙනස් ක්‍රමයක්. නීතියෙන් වැරදි කළ අය නීතියෙන් ඒවා කරගෙන යයි. දේශපාලනය බලපෑම් කරල වැඩ කරන්න මම සූදානම් නැහැ. විපක්ෂයත් මේක තේරුම් අරගෙන නැහැ. දැක්කනේ හරේන් ප්‍රනාන්දු කතා කරපු විලාසය. ඔවු මම නන්දසේන ගෝඨාභය හොඳ නම් ඒවා. හැබැයි ඉතින් නන්දසේන ගෝඨාභයගේ චරිත දෙකක් තියෙනවා හාමුදුරුවරුත් මට කියනවා අපිට ඕනේ ජනාධිපති ගෝඨාභය නෙමෙයි. ආරක්ෂක ලේකම් ‍ගෝඨාභය කියලා. ටිකක් සැරෙන් ඉන්න කියලා. ඒකත් කරන්න පුළුවන්. ඒ ජාතියෙන් එනවනම් මටත් ඒ ජාතියෙන් එන්න පුළුවන්. දැක්කනේ එදා ආරක්ෂක ලේකම් හැටියට ඉදිද්දී ප්‍රභාකරන් පිත්තල හන්දියේ දී මට බෝම්බයක් දාලා වැඩ පටන් ගත්තා. මමත් ඒක ඉවර කළේ බල්ලෙක් වගේ හතර ගාතෙන් දාලා නන්දිකඩාල් කලපුවෙන් උස්සන් ආවා. ඒ තතත්ත්වයට ගේන්නත් පුලුවන්. ඉතින් ඕන දේකට සූදානම් පුළුවන් චරිතයක්. මට අවශ්‍ය ජනතාවට වැඩ කරන්න.”

විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට සූදානම් නැති බව ජනාධිපතිවරයා කියා සිටියේය.

අද පිළිසඳර සඳහා අම්පාර නගරයේ සිට කි.මි 24ක් දුරින් පිහිටි උහන ප්‍රා දේශීය ලේකම් බල ප්‍රදේශයේ ලාතුගල ගම්මානය තෝරාගෙන තිබිණ. ජන හමුව වෑරැන්කැටගොඩ, ලාතුගල ප්‍රාථමික විද්‍යාල භූමියේ දී පවත්වනු ලැබීය. උහන, දමන, ගලපිටගල, ගොනාගොල්ල, පදියතලාව, දෙහිඅත්තකණ්ඩිය, මහියංගනය, බණ්ඩාරදූව, මහකණ්ඩිය, බොක්කබැද්ද ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිවරයාට දැනුම් දීම සඳහා රැස්ව සිටියහ.

ලාතුගල ගම්මානයේ විශාලත්වය වර්ග කි.මි 09කි. ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් දිවි බේරාගෙන පැමිණි පවුල් 15ක පදිංචියත් සමග ජනාවාසය ආරම්භ වී ඇති බව ගම්මු පවසති. පවුල් 231කින් යුත් මෙහි ජන ගහණය 783කි. 

වැසි ජලයෙන් සිදු කරන හේන් ගොවිතැන ලාතුගල ඇතුළු අවට ගම්මාන රැසක ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වේ. ඔවුන් බඩ ඉරිඟු, කවුපි, කුරක්කන්, එළවළු වගාවෙහි නිරත වන අතර,  සේනා දළඹු උවදුරින් ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. වන අලි තර්ජනය ද ඔවුන්ට බලපා ඇති ප්‍රධාන ගැටළුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!