1.3 C
New York

අරාබි හිරේ සිටි, ලාංකිකයන් පිරිසකට සමාව

Published:

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට රාජකීය සමාව ලැබී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එලෙස ඔවුන්ට සමාව ලැබී ඇත්තේ අප්‍රේල් මාසයට යෙදී තිබූ රාමදාන් උත්සවය හේතුවෙනි.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත.

එලෙස සමාව ලැබූ ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට කටයුතු කරනු ඇති බවත් ඒ සඳහා අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

Related articles

Recent articles

spot_img