spot_img
spot_imgspot_img

කාදිනල්වරයාගෙන්, ගෝඨාභයට පිළිතුරක්

පුවත්

විදෙස්

තමන් සමඟ 2021 වර්ෂයේ දී දුරකථනයෙන් කතා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ දේ ඔහුට කිසිසේත් ම ප්‍රතික්ෂේප කළ නොහැකියැයි කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් අද (04) ප්‍රකාශ කළේය.

තමන්ට සමීප පුද්ගලයන්ට සහ සංගම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින්, ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකියැයි හිටපු ජනධිපතිවරයා තමන්ට පැහැදිළිවම කී බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

අගරදගුරුවරයා පවසන්නේ 2021 පෙබරවාරි 02 වැනි දා හිටපු ජනාධිපිතවරයා තමා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බවයි.

“පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇත්තේ ඉස්ලාමීය අන්තවාදී සංවිධාන තහනම් කිරීම පමණක් බව රාජපක්ෂ පසුගියදා ප්‍රකාශ කළා. ඉස්ලාමීය නොවන සංවිධානයක් ද තහනම් කරන ලෙස එම වාර්තාවේ පැහැදිලිව නිර්දේශ කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට මේ කරුණු ප්‍රතික්ෂේප කරන්න බැහැ” කාදිනල්වරයා වැඩිදුරටත් පවසයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ බුද්ධි අංශ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවටද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට කාදිනල්වරයා චෝදනා කළේය.

එමෙන්ම ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය අපොහොසත් වී ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම නිර්දේශ කර ඇතත් ඔහුට එරෙහිව පියවර නොගන්නේ මන්දැයි කාදිනල්වරයා ප්‍රශ්න කළේය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සෑම දෙයක්ම වත්මන් ආණ්ඩුව තවදුරටත් යටපත් කරමින් සිටින බවද කාදිනල් මැල්කම් රාංජිත් අගරදගුරුවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!