spot_img
spot_imgspot_img

කොරා්නා සඳහා පරීක්ෂණය තනිවම නිවසේදී ම කරගත හැකි ක්‍රමයක් එයි

පුවත්

විදෙස්

කොරෝනා වැළඳී ඇත්දැයි තමන්ටම දැනගත හැකි පරීක්ෂණයක් නිවසේ දී ම සිදුකරගැනීමට ඇමෙරිකාව විසින් අවසර ලබා දී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පිපාලන ආයතනය විසින් මේ සඳහා අනුමැතිය ලබා දී ඇත.

මෙලෙස අවසරය හිමිව ඇත්තේ Lucira Covid -19 All-In-One Test Kit නමැති පරීක්ෂණ කට්ටලයකටය.

යම් පුද්ගලයකු ආසාදිතයකු විය හැකියැයි සැක කරන්නේ නම් එම පුද්ගලයාගෙන් ලබාගන්නා ජෛව සාම්පල විනාඩි 30ක් හෝ අඩු කාලයක දී වයිරසය සම්බන්ධයෙන් ධනාත්මක හෝ ප සෘණාත්මක වන්නේ ද යන්න මෙම පරීක්ෂණ කට්ටලය මගින් හඳුනාගත හැකිව තිබිණි.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කට්ටලය තනිව භාවිතා කිරීම සඳහා අවසර ලැබී ඇතත් අවුරුදු 14කට අඩු දරුවන් සඳහා නිර්දේශ කර නැත. සෞඛ්‍ය අංශ පවසන්නේ දරුවන් සඳහා සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය සේවකකු විසින් කළ යුතු බවයි. මීට ඉහත මේ පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම සෞඛ්‍ය සේවකන් විසින් සිදුකර තිබූ අතර තනිවම එය භාවිතා කිරීමේ අවසරය ලබා දී ඇත්තේ පසුගිය නොවැම්බර් 18 වැනි දින සිට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම උපකරණය එක් වරක් භාවිතා කර ඉවත දැමිය යුතු උපකරණයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!