spot_img
spot_imgspot_img

මහාචාර්ය නලින් ද සිල්වා, දිවියට සමුදෙයි

පුවත්

විදෙස්

මහාචාර්ය නලින් ද සිල්වා අද (02) අභාවප්‍රාප්ත වූයේ ය. ප්‍රකට දේශපාලන විශ්ලේෂකයකු, දර්ශනවාදියකු මෙන්ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වූ නලින් ද සිල්වා කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයෙකි.

එමෙන් ම එම විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ‍යේ පීඨාධිපතිවරයා ලෙස ද කටයුතු කළේය.

ඔහු කාලයක් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද කටයුතු කළේය.

තම චින්තනය මෙහෙයවමින් දර්ශනවාදය, ජාතික චින්තනය, සාපේක්ෂතා වාදය, භෞතික විද්‍යාව මෙන් ම දේශපාලන මතවාද සම්බන්ධයෙන් ද දේශන පැවැත්වීම, ලේඛන සැකසීම ආදියෙහි මහාචාර්ය නලින් ද සිල්වා ඉතා ප්‍රකට චරිතයක් විය.

මියයනවිට 80 වැනි වියට පා තබා සිටි හෙතෙම 1944 ඔක්තෝබර් 20 වැනි දා පානදුර, කෝවිලගොඩැල්ල ප්‍රදේශයේ දී උපත ලබ පානදුර බෞද්ධාලෝක මහා විවද්‍යාලයෙන් සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත.

ඔහු 1962 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ ඔහු 1967 දී ගණිතය පළමු පන්තියේ ‍ගෞරව උපාධියක් සමග සමත් විය. 1970 දී සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන් සෛද්ධාන්තික විශ්ව න්‍යාය විද්‍යාව පිළිබඳ සිය ආචාර්ය උපාධිය ලබා ගත්තේය. ඔහු විසින් සාපේක්ෂතාවාදයෙහි සාමාන්‍ය සිද්ධාන්ත ඇසුරින්, භ්‍රමණය වන අංශුවකට ප්‍රතිවිරුද්ධව ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක්, අවසානයේදී භ්‍රමණය වන අංශුවට සමානව භ්‍රමණය වන බවට ගණිතමය වශයෙන් අනාවැකි පළ කළේය.

නලින් ද සිල්වා මාක්ස්වාදී ට්‍රොට්ස්කිවාදී ලංකා සම සමාජ පක්ෂයේ සහ නව සම සමාජ පක්ෂයෙහි හිටපු සාමාජිකයෙක් වූ අතර මාක්ස්වාදියෙක් සහ සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙකු වශයෙන් එම දෙකෙහිම මත ගෙන හැර පෑවේය.

ඔහු මාක්ස්වාදයේ සහ බටහිර විද්‍යාවෙහි පදනම පිළිබඳ දැඩිලෙස ප්‍රශ්න කිරීමට පෙළඹිණි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සංස්ථාපිත බටහිර දැනුමෙහි පදනම සහ ලොවපුරා එහි ආධිපත්‍යය විවේචනය කරමින් 1986 දී මගේ ලෝකය ග්‍රන්ථය රචනා කළේය.

මහාචාර්ය නලින් ද සිල්වා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ගුරු සංගම් සභාවේ (FUTA) මෙන්ම ශ්‍රී ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයේ විශ්වවිද්‍යාල ගුරු සංගමයේ සභාපති ලෙසද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!