spot_img
spot_imgspot_img

මාරාන්තික රෝගයක්, ගාල්ලෙන් මතුවෙයි ?

පුවත්

විදෙස්

ගාල්ල බන්ධනාගාරයේ කුෂ්ඨ රෝගයක් සමඟ උණ ඇතිවීමේ අවදානමක් ඇති බවත් මෙය බැක්ටීරියාවක් හේතුවෙන් ඇතිවන මෙනින්ගොකොකල් නමැති මාරාන්තික රෝගයක් බවත් කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍යවරුන්ගේ මතය වී තිබේ.

පසුගිය දින කිහිපයේ දී ගාල්ල බන්ධනාගාරයෙන් එවැනි රෝගීන් කිහිප දෙනකු වාර්තා වී ඇති අතර දැනට රෝගීන් දෙදෙනකු මියගොස් ඇත. කරාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (21) සවස් වනවිට රෝගීන් තිදෙනකු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. ඉන් එක් අයකු බන්ධනාගාරයෙන් නිදහස් වී දින කිහපයකට පසු අදාළ රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් රෝහලගත කර ඇතැයි ද වෛද්‍යවරු කියති.

මෙනින්ගොකොකල් බැක්ටීරියාව දරුවන්ට වඩාත් හානිකර බව වෛද්‍යවරු කියති. එමෙන් ම මත්ද්‍රව්‍ය භාවිත‍ය හේතුවෙන් සෞඛය තත්වය දුර්වල වූ පුද්ගලයන්ට ද මෙය මාරාන්තික බව වෛද්‍යවරුන්ගේ මතයයි.

ගාල්ල බන්ධනාගාරයේ සට චර්ම රෝගී තත්වයක් සහ උණ හේතුවෙන් රෝහල්ගත කර මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව විය හැකි බැවින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයට, එවැනි රෝග ලක්ෂණ ඇති රෝගීන් පරිහරණය කිරීමේ දී මුඛ ආවරණ පැළඳ සිටින ලෙස ද මේ වනවිට උපදෙස් ලබා දී තිබේ.

කරාපිටිය ශික්ෂණ රෝහලේ අධයක්ෂ වෛදය උදේෂ් රංග මහතාගෙන් මේ පිළිබඳ විමසීමක් කළ විට ඔහු කියා සිටියේ පසුගිය දින කිහිපයේ බන්ධනාගාරයෙන් රැගෙන ආ රෝගීන් කිහිප දෙනකු වාට්ටුවට ඇතුළත් කළ අතර ඉන් දෙදෙනකු මියගොස් ඇති බවයි. ඔවුන්ගේ මරණයට හේතුව පිළිබඳ තමන් වෙත මෙතෙක් අවසන් වාර්තා ලැබී නැති බවත් වෛද්‍යවරු ඒ පිළිබඳ අවසන් වාර්තා ලබාදුන් පසු සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරයක් ලබාදිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වුව ද කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්ට නිකුත්කර ඇති අභ්‍යන්තර පණිවිඩයකින් කියවෙන්නේ බන්ධනාගාරයේ දී රෝගාතුර වී මියගිය පුද්ගලයන් දෙදෙනාගේ මරණයට හේතුව මෙනින්ගොකොකල් බැක්ටීරියාව බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට ගාල්ල බන්ධනාගාර අධිකාරීවරයාට කතා කළ ද ඔහු සම්බන්ධකරගත නොහැකි විය බන්ධනාගාරයේ ප්‍රකාශකයකු අප සමඟ කියා සිටියේ හදිසිියේ ම රැඳවූවන් කිහිප දෙනකු රෝගාතුරවීම සහ දෙදෙනකු මියයාමට හේතුව විෂබීයක් බවට අදහසක් තිබුණ ද ඒ ගැන ස්ථිරවම කිසිවක් නොදන්නා බවයි.

මෙනින්කොකොකල් රෝගය යනු කුමක්ද?

Meningococcal රෝගය යනු meningococcal බැක්ටීරියාව (Neisseria meningitidis) මගින් ඇතිවන බෝවන රෝගයකි. එය අසාමාන්‍ය මෙන්ම ඉතා බරපතල ය. මාරාන්තික තත්වයක් ඇතිකරන්නකි.

Meningococcal බැක්ටීරියාව සාමාන්‍යයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙන්නේ නිවසේ සාමාජිකයන් හෝ සමීප සහකරුවන් වැනි සමීප, දිගු හෝ සමීප සම්බන්ධතා හරහා ය. සමහර අය අසනීපයකින් තොරව නාසයේ සහ උගුරේ බැක්ටීරියා රැගෙන යන අතර එය අන් අයටද පැතිර යා හැකිය.

සුළු පිරිසක් තුළ, බැක්ටීරියාව රුධිරයට ඇතුළු විය හැකි අතර ආක්‍රමණශීලී මෙනින්ගොකොකල් රෝගය (IMD) ඇති කරයි. මෙය සාමාන්‍යයෙන් මෙනින්ජයිටිස් (මොළයේ සහ කොඳු ඇට පෙළේ දැවිල්ල) සහ/හෝ සෙප්ටිසිමියා (රුධිර විෂ වීම) ලෙස පෙන්නුම් කරයි. IMD ඉතා ඉක්මනින් වර්ධනය විය හැකි අතර රෝගීන්ගෙන් සියයට 5 සිට 10 දක්වා මරණයට හේතු වේ.

මෙනින්‍‍ගොකොකල් රෝග ලක්ෂණ

මොනින්ගොකොකල් රෝගයේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සම යටින් ලේ ගැලීම නිසා කැසීමක් ඇතිවීමයි. එය රෝස පැැයෙන් හෝ රතු පැහැයට හුරුන් කුඩා තුවාල ලෙස ආරම්භ වී කුෂ්ඨයක් ලෙස පැතිර යයි. තවදුරටත් රුධිර වහනය වනවිට දම් පැහැති තැලීම් වැනි සළකුණු දක්වා වර්ධනය වෙයි.

ශ්‍රී ලංකාවේ වැනි තද පැහැති සමක් ඇති පුද්ගලයන් තුළ මුල් අවස්ථාවේ දී කැසීමක් ඇති වුව ද මෙය හඳුනාගැනීමට අපහසුය. ඔවුන්ගේ අත්, පා, මුඛය වැනි සිරුරේ ලා පැහැති ස්ථාන නිරීක්ෂණය කළ යුතුය. මෙම කැසීම සමේ එක් ස්ථානයකට සීමා නොවන බවත් විශාල ප්‍රදේශයක් පුරා පැතිරෙන බවත් වෛද්‍යවරු කියති.

කැසීම ඇතිවීමට පෙර උණ, ආහාර රුචිය නැතිවීම, වමනය, මාංශ පේෂි සහ සන්ධි වේදනාව ඇතිවිය හැකි අතර බොහෝ විට බෙල්ලේ තද ගතිය දක්නට ලැබේ.

උදාසීනත්වය, නුරුස්නා බව සහ හිසරදය වැනි වැනි රෝග ලක්ෂණ ද දක්නට හැකිය. 

වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න

එම රෝග ලක්ෂණ දක්නට ඇත්නම් හැකි ඉක්මණින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීම කළ යුතුය. මෙය අතිශයින් බරපතල වන අතර ඉක්මන් ප්‍රතිජීවක ප්‍රතිකාර අවශ්‍ය වනු ඇත.

මෙනින්ගොකොකල් බැක්ටීරියාවට එරෙහිව එන්නත් කිරීම මෙනින්ගොකොකල් රෝගයට එරෙහිව හොඳම ආරක්ෂාවයි. ඔබට මෙනින්ගොකොකල් රෝගය වැළඳී තිබුණත්, මෙම බරපතල රෝගයට එරෙහිව එන්නත් කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. රෝගය වැළඳීමෙන් ඔබට ජීවිත කාලය පුරාවටම ප්‍රතිශක්තිය වර්ධනය වන බවක් අදහස් නොවේ.

මෙනින්ගොකොකල් රෝග වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින් සඳහා මෙම එන්නත් නිර්දේශ කෙරේ.

https://www.betterhealth.vic.gov.au/health/healthyliving/meningococcal-disease-immunisation

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!