spot_img
spot_imgspot_img

සාමාන්‍ය පෙළ, විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් අවසන් තීරණය මෙන්න

පුවත්

විදෙස්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව සහ ඉංග්‍රීසි ප්‍රශ්නපත්‍ර සම්බන්ධයෙන් දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමනාත් අද (13) පාර්ලිිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම විද්‍යාව ප්‍රශ්නපත්‍රය සැකසු පිරිස රැස්වී ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට කටයුතු කරමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේය.

විද්‍යාව ප්‍රශ්නපත්‍රයේ ප්‍රශ්න කිහිපයක් සම්බන්ධයෙන් ප්‍රශ්නය ඇති වූ වේලාවේ සිට ඒ ප්‍රශ්නපත්‍රය සකස් කළ අය රැස්වෙලා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. ඒ වගේම විභාග කොමසාරිස්වරයා ඒ ගැන ප්‍රකාශයක් නිකුත් කළා. සාමාන්‍යයෙන් වෙන්නේ ඕනෑම විභාගයක දී සාම්පල් මාර්ක් එකක් කරනවා. එතැනින් පස්සේ බරතැබීම සම්බන්ධයෙන් වෙනස්කම් කරනවා. ඒ නිසා දරුවන්ට අසාධාරණයක් නොවන ආකාරයට මාර්කින් ස්කීම් එක සකස් කිරීමට ඒ පැනල් එක කටයුතු කිරීමට නියමිතයි.”

මේ අතර, සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා ද ලකුණු ලබා දීමේදී සිසුන්ට සහනයක් වන පරිදි අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීවේය..

එහිදී ඉංග්‍රීසි විෂයට අදාළ ගුරුවරුන්ට පත් වීම් ලබා දීමේදී සහ ක්‍රීඩා පුහුණු ගුරු පත්වීම් ලබා දීමේ දී පවතින ගැටලු සම්බන්ධයෙන්ද අදහස් දැක්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!