spot_img
spot_imgspot_img

නෙළුම් කුළුනෙන් පැන්න විදේශිකයා අනතුරක

පුවත්

විදෙස්

නෙළුම් කු‍ළුණෙන් පැනීමේ දී පැරෂුටය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පිම්ම වැරදී ගිය විදේශිකයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 46 හැවිරිදි වියේ පසුවන ඇමෙරිකානු ජාතිකයෙකි.

බේස් පැනීමේ ඉසව්ව ඊයේ (12) ආරම්භ වූ අතර අද දිනයේ දී ද එය පැවැත්විණි.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන තුවාල ලැබූ පුද්ගලයා කියා සිටියේ තමන් මේ වනවිට හොඳින් සිටින බවයි. නළලේ තුවාලයක් ඇතත් බෙල්ල හොඳින් ක්‍රියාකළ හැකි බවත්, කොන්දට කිසිදු ගැටලුවක් නැති බවත් තරමක විවේකයක් ගත් පසු සාමාන්‍ය තත්වයට පත්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

තමන් පැරෂුටය සමඟ පැනීම ආරම්භ කළ අවස්ථාවේ දී එය නිසි පිරිදි ක්‍රියාත්මක නොවූ බැවින් මේ අනතුර සිදු වූ බවත් එය ඉතාමත් සුන්දර අත්දැකීමක් බවත් හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!