6 C
New York

සොරකමේ ගිය 15 හැවිරිදි දරුවකු අත්අඩංගුවට

Published:

සොරකම් කිහිපයකට සම්බන්ධ වයස අවුරුදු 15ක පාසල් දරුවකු අත්අඩංගුවට ගත් බව එගොඩඋයන පොලිසිය පවසයි.

ඔහු සොරාගන්නා ලද ත්‍රී රෝද රථයක් පදවාගෙන යමින් සිටියදී මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය තිබූ බවත් පොලිසිය සඳහන් කළේය.

ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ එගොඩඋයන පොලිස් බල ප්‍රදේශයේ නිවාස තුනකින් කැසට් යන්ත්‍රයක්, ස්මාර්ට් ජංගම දුරකථන දෙකක් එම පුද්ගලයන් කිහිප දෙනකුට අඩුමිලට විකුණූ බවයි.

Related articles

Recent articles

spot_img