9.8 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (21) දිනයේ ගනුදෙනු 30,611ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 4,378ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 65ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,338ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • වින්ෆෝර්ත් සමාගම රුපියල් මිලියන 811
  • කැපිටල් එලයන්ස් රුපියල් මිලියන 372
  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 285

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • වින්ෆෝර්ත් සමාගම කොටස් මිලියන 42
  • හෙළ ඇපරල් සමාගම කොටස් මිලියන 10
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 07

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • කැපිටල් එලයන්ස් සමාගම 15%
  • ෂෝවොලස් සමාගම 10%
  • ගෝල්ෆේස් කැපිටල් සමාගම 09%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 1.8ක් රුපියල් 78.00 බැගින්
  • ලංකෙම් සිලෝන් සමාගම කොටස් මිලියන 2.5ක් රුපියල් 80.00 බැගින්
  • වින්ෆෝර්ත් සමාගම කොටස් මිලියන 42ක් රුපියල් 19.00 බැගින්
  • කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් සමාගම කොටස් 850,000ක් රුපියල් 30.00  බැගින්
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම කොටස් 300,000ක් රුපියල් 79.90 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 278
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 211

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 272ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 56ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 216ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 80
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 80
  • ජෝන් කීල්ස්  සමාගම රුපියල් මිලියන 57

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 18
  • සෙලාන් බැංකුව රුපියල් මිලියන 06
  • ත්‍රී ඒකර් ෆාර්ම් රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img