spot_img
spot_imgspot_img

ලෝක කුසලානයට යන කණ්ඩායම තේරූ හැටි මෙන්න

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ දී ලබන ජුනි මාසයේ ආරම්භවන 2024 විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට තෝරාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඕනෑම අභියෝගයක් භාරගත හැකි පිරිසක් බව තේරීම් කමිටු සභපති උපුල් තරංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (13) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී අදහස් දක්වමිනි.

ඔහු එහි දී වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ඇමෙරිකාවේ දී සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී අපිට ලැබෙන තනතීරු තරමක් මන්දගාමී තනතීරු බව දැනගන්නට ලැබෙනවා. ඒ නිසා අපිට දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක් එක්ක යන්න සිදුවේවි. ඒ නිසා අපි දුනිත් වෙල්ලාලගේ ගත්තා. ඔහුගේ පිතිකරණ හැකියාවත් බලලා. තුන් ඉරියව් වේග පන්දු යවන්නන් නැතිව තුන්ඉරියව් දඟ පන්දු යවන්නන් යොදාගන්න පුළුවන්.

භානුක රාජපක්ෂ සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් උපුල් තරංග කියා සිටියේ ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් ඇති බවයි. එහි දී කුසල් ජනිත්ගේ අවසන් තරඟ දස්කම් සැළකූ විට ඔහුට කණ්ඩායමේ අවස්ථාවක් අහිමිවීම කණගාටුවට කරුණක් බව ද හෙතෙම කීවේය. පුහුණුකරුවාගේ සහ නායකයාගේ සංචිත අවශ්‍යතා ද සැළකිල්ලට ගත් විට අවසන් මොහොත දක්වාම මේ ක්‍රීඩකයන් සම්බන්ධයෙන් සාකච්ඡා කරලා 15 දෙනා තෝරාගත්තේ යැයි ද හෙතෙම කීවේය. භානුක රාජපක්ෂ සංචිතයට තෝරා නොගත්ත ද තරඟාවලිය සඳහා සංචාරක සංචිතයක් ලෙස හෙතෙම එක්සත් ජනපදයට යන බව ද සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!