spot_img
spot_imgspot_img

විදුලි බිල වැඩි කරන ගැරඬි පන්නන්න භූමිතෙල් ? ඇමති මණ්ඩලයටත් විදුලි බිල වැඩිකරන්න බෑ

පුවත්

විදෙස්

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා අමාත්‍ය මණ්ලයෙන් ගෙන එන යෝජනාව පිළිනොගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසයි.

කැබිනට් මණ්ඩලය පනත වැරදි ලෙස අර්ථකථනය කර විදුලි ගාස්තු ඉහළ දැමීමට “සාමාන්‍ය ප්‍රතිපත්ති සැලසුම” යටතට ගෙන යෝජනාවක් ඉදිරිපත් කරන බව ද කීවේය.

ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ලැබිය යුත්තේ විදුලිබල මණ්ඩලයෙන් පමණක් බවත් එසේ ලැබෙන්නේ නම් ඒ ගැන සළකා බැලිය හැකි බවත් ඔහු කියයි. ගාස්තු වැඩිකිරිමේ ක්‍රමවේදය පනතේ පැහැදිළිව සඳහන් කර ඇති බව ද සභාපතිවරයාගේ තර්කයකි.

“මේ රටේ පවතින තත්වය මත විදුලි ගාස්තු ඉහළ දැමීමට කිසිම අවස්ථාවක් නැහැ. විදුලි ගාස්තු ඉහළ දමන ආකාරය පනතේ පැහැදිළිව සඳහන් කර තිබෙනවා.”

මේ අතර ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු විදුලිබිල ඉහළ නැංවීමට එරෙහිව අදහස් දක්වන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. එම සාකච්ඡාවේ දී ඇල්ලේ ගුණවංශ හිමියන් තමන් මීට පෙර බොහෝ අය සමඟ පරිපාලනය කර ඇතැයි ද කියයි. දැන් ඉන්න ගැරඬි මන්තර අහන්නේ නැතැයි කී විට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා භූමිතෙල් අවශ්‍ය බව කියයි. ගැරඬියා කවුදැයි සම්පූර්ණ වීඩියෝව බැලූ විට අවබෝධ වනු ඇත. එම වීඩියෝව පහතින් දැක්වෙයි.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!