spot_img
spot_imgspot_img

උපන්දිනය දා මංගල නැකැත් රැගෙන ගිය පුතා, පියා සමඟ අවසන් ගමන් යයි

පුවත්

විදෙස්

තම උපන්දිනය දා විවාහ උත්සවයේ නැකත් පත්‍ර මනාලියගේ නිවසට ගෙන ගොස් ආපසු යමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු සහ ඔහුගේ පියා හදිසි අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි.

කටුවන ඌරුබොක්ක මාර්ගයේ රුක්මල්පිටිය පන්සල අසළ ඊයේ (02) සවස 2.00ට පමණ සිදුවූ යතුරුපැදි අනතුරකින් මෙලෙස මියගොස් ඇත්තේ වීරකැටිය අඹකොළවැව ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පියා සහ 28 හැවිරිදි පුත්‍රයාය.

පොලීසිය සඳහන් පවසන්නේ වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුර සිදුව ඇති බවයි. තුවාල ලැබූ පුතා කටුවන රෝහලට ඇතුළත්කරන විටත් මියගොස් සිටි අතර පියා කටුවන රෝහලේ සිට ඇඹිලිපිටිය රෝහලලට මාරුකර යැවීමෙන් අනතුරුව මියිගොස් ඇත.

ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ අනතුර සිදුවීමට මොහොතකට පෙර ඊට ඉහළ කඳු ප්‍රදේශයක සිටි පිරිසකට යතුරුපැදියේ බ්‍රේක් නැතැයි ද අනතුරට ලක්වූ පිය පුතු දෙපළ පවසා තිබූ බවයි.

මියගිය පුත්‍රයා දික්වැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකි.

මියගිය පුතාගේ උපන්දිනය ඊයේ (02) දිනට යෙදී තිබූ අතර ඔහු සිය මංගල උත්සවය සඳහා පිළියෙල කළ නැකත් තම මනාලියගේ නිවසට ගෙනගොස් දී ආපසු පැමිණෙමින් සිටිය දී මේ අනතුරට ලක්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!