spot_img
spot_imgspot_img

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය අසාර්ථකයි. කෝටි 266ක් නාස්ති කරලා

පුවත්

විදෙස්

ශ්‍රී ලාංකිකයන්ගේ ජාතික හැඳුනුම්පත විද්‍යුත් ක්‍රමයට සැකසීමේ වැඩපිළිවෙල සදහා රුපියල් කෝටි 266ක් වියදම් කර ඇතත් කිසිදු ප්‍රගතියක් අත්පත් කරගෙන නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ව්‍යාපෘතිය 2006 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර දැන් ඊට වසර 16ක් ගත වී තිබේ. එහි සම්පූර්ණ ඇස්තමේන්තුව රුපියල් කෝටි 800කි. මේ වනවිට රුපියල් කෝටි 266ක් වියදම් කර ඇත.

ව්‍යාපෘතියේ විදුලිය හා ජලය වෙනුවෙන් වෙන්කර තිබූ ප්‍රතිපාදන පවා මේ වනවිට ඉක්මවා වියදම් කර ඇති අතර, ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් කිසිමම මුදලක් වෙන්කර නොතිබුණ ද වාහන දෙකක් මිල දී ගැනීමට රුපියල් 19,300,000.00 ක් වියදම් කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වර්තාවේ දැක්වේ.

එසේම 2017 – 2021 අතර කාලය සඳහා කාර්ය මණ්ඩලයේ 29 දෙනකු සඳහා සේවක වැටුප් හා දීමනා ගෙවීමට රුපියල් කෝටි 08ක් වියදම් කර ඇති අතර පරිපාලන වියදම් ලෙස ද කෝටි 20ක් වැය කර ඇතැයි ද විගණකාධිපති වාර්තාවේ දක්වා ඇත

මෙම ව්‍යාපෘතිය මගින් පුද්ගල දත්ත ඩිජිටල්කරණයේ භෞතික ප්‍රගතියක් අත්පත් කරගෙන නැතත් භෞතික යටිතල පහසුකම් සංවර්ධනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් කෝටි 111ක් වැය කර ඇත..

මානව සම්පත් හා පුහුණු වැඩසටහන් වෙනුවෙන් නිලධාරින් හතර දෙනකු බඳවාගෙන පසුගිය වසරේ මාස අටකදී ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් 817,530.00 ක් වැය කර ඇති බව ද අනාවරණය වෙයි. නමුත් කිසිදු පුහුණු වැඩසටහනක් සිදුකර නැත. තොරතුරු තාක්ෂණ ආයතනය කිසිදු උපාංගයක් ලබා දී නැතත් එම පුහුණුවට අදාල කාර්යයන් සඳහා නිලධාරීන් බඳවා ගැනීම ද පුදුම සහගත කරුණකි.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි ගණනක මුදල් වැය කර ව්‍යාපෘතිය සිදු නොකිරීම සම්බන්ධයෙන් විමසූ විට හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වියනි ගුණසේකර පවසන්නේ විවිධ හේතුමත මේ ව්‍යාපෘතිය ප්‍රමාද වූූ බවයි.

ඔහු පවසන්නේ මේ ව්‍යාපෘතිය 2019 දී ශ්‍රී ලංකා යුනික්ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතිය ලෙස නම වෙනස් කර බවයි. එසේ වුව ද කැබිනට් සංශෝධන හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ ව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. ව්‍යාපෘතිය ඉදිරියේ දී කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බව ද හෙතෙම පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!