spot_img
spot_imgspot_img

කෝප් කමිටු සභාපති, බැසිල්ගේ ගුණ කියයි

පුවත්

විදෙස්

මේ රටේ දේශපාලනික වශයෙන් බැසිල් රාජපක්ෂ භූමිකාව ඝාතනය කරන්න කිසිවෙකුට හැකියාවක් නැතැයි කෝප් කමිටුවේ නව සභාපති රංජිත් බණ්ඩාර රාජපක්ෂ පවසයි.

මහනුවර දී ඊයේ (12) පැවැති රැස්වීක දී ඔහු මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ රාජපක්ෂ කඳවුරේ සාමාජිකයන් රෙදි නැතිව මහ පාරේ ඇවිද්දවනවා යැයි කියා 2016 දී පවසද්දී බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙ නිර්මාණය කරමින් ශක්තියක් ලබාදුන් බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“පක්ෂයේ කටයුතු සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂට අභියෝග කරන්න කාටවත් බැහැ. ඇතැම් අය කියනවා වගේ ඔහු තිරය පිටුපස ඉඳගෙන නෙවෙයි පක්ෂයේ කටයුතු මෙහෙයවන්නේ. තිරය ඉදිරිපට ඉදලයි. අපි අභියෝගවලට මුහුණ දෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ රටේ ‍තවදුරටත් ප්‍රබලම පක්ෂය. මේ රටේ ව්‍යවස්ථාදායකය හසුරුවන්නේ අපි. තාවකාලික පසුබෑමකට ලක්වුණා. ඒක වුණේ අපේ වරදින්ම කියා කියනන් බෑ. අරගලය පිටුපස ඉන්නේ කවුද කියලා අපි දැන් දන්නවා. කළුතරින් නව ගමනක් අපි පටන් ගත්තා. 16 වැනි දා අපි මහනුවරට එනවා. අනුරාධපුරයට, පොළොන්නරුවට වගේම රට වටේම ගිහින් නව වැඩපිළිවෙලක් සහ මහජනතාව දැනුම්වත් කිරීම අපි කරනවා.”

රංජිත් බණ්ඩාර රාජපක්ෂ කෝප් කමිටුවේ සභාපති ලෙස පත්වූ අවස්ථාවේ දී සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ ඔහු බැසිල් රාජපක්ෂගේ ඉතාමත් සමීප හිතවතකු බවයි. එබැවින් කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් රාජ්‍ය ආයතනවල වංචා දූෂණ හෙළි කිරීමට කටයතු කළ ආකාරයෙන් රංජිත් බණ්ඩාර රාජපක්ෂ කටයුතු නොකරන බවත්, ඔහු කෝප් කමිටු සභාපති කිරීම බැසිල් රාජපක්ෂගේ ම උපායක් බවත් එම ප්‍රකාශවලින් කියැවිණි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!