spot_img
spot_imgspot_img

දුම්රිය පොළට එල්ලවූ රොකට් ප්‍රහාරයෙන් 25දෙනකු මරුට

පුවත්

විදෙස්

යුක්රේනයේ නැගෙනහිර චැප්ලින් නගරයේ දුම්රිය ස්ථානයකට එල්ලවූ රුසියානු රොකට් ප්‍රහාරයකින් 25දෙනකු මියගොස් 31දෙනකු පමණ තුවාල ලබා තිබේ.

රුසියානු ආක්‍රමණ ආරම්භවී මාස හයක් සපිරෙන දිනයේ මෙම ප්‍රහාරය එල්ලවී ඇත. මියගිය අය අතර වයස අවුරුදු 11ක සහ 06ක පිරිමි ළමුන් දෙදෙනකු ද සිටින බව බලධාරීහු පවසති. මියගිය අයගෙන් පස් දෙනකු වාහනයක් තුළ පිළිස්සී සිටි බවද ඔවුහු පවසති.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමක් මධ්‍යයේ යුක්රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලනෙස්කි මෙම ප්‍රහාරය සම්බන්දව නිවේදනය කළේය. 

ආරක්‍ෂක කවුන්සිලයට කතා කිරීමට සූදානම් වෙමින් සිටියදී ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ චැප්ලින් වෙල එල්ලවූ ප්‍රහාරය ගැන තමා දැනගත් බව පැවසූ සෙලෙන්ස්කි මහතා, “රුසියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල රැස්වීමට සූදානම් වූයේ එලෙසයි.” යනුවෙන් පැවසීය.

“දැන් මගී මැදිරි හතරක් ගිනි ගන්නවා. මරණ සංඛ්‍යාව වැඩි වෙන්න පුළුවන්” ඔහු තවදුරටත් කියා සිටියේය.

පසුගිය අප්‍රේල් මාසයේ යුක්රේනයේ තවත් දුම්රිය ස්ථානයකට එල්ලවූ මෙවැනිම ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් මිය ගියහ.

එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී කියා සිටියේ, යුද්ධය, යුක්රේනයේ සහ ඉන් ඔබ්බෙහි මිලියන සංඛ්‍යාත ජනතාව අන්ත දරිද්‍රතාවයට තල්ලු කළ හැකි බවයි.

https://www.bbc.com/news/world-europe-62666188

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!