spot_img
spot_imgspot_img

එම්බාම් කර මිහිදන් කිරීමට හැදූ මළ සිරුරක් යළි කරාපිටිය රෝහලට ගෙනඑයි

පුවත්

විදෙස්

නීති විරෝධී ලෙස භූමදාන කිරීමට සූදානම් වූ මළ සිරුරක් අද (25) කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගෙනවිත් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීමට ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගාල්ල, බෝපේ පාර, වලව්වත්ත පදිංචිව සිටි කටුකොලින ගමගේ කරලැයින් නමැති කාන්තාවකි.

ඊයේ (24) ඇය මියගොස් ඇති අතර නිවැසියන් විසින් ඒ බව ග්‍රාම නිලධාරීවරයාට දැනුම්  දී ඇත. ග්‍රාම නිලධාරීවරයාගේ උපදෙස වී ඇත්තේ මේ මරණය සම්බන්ධයෙන් පොලිසියට වාර්තා කළ යුතු බවයි. නමුත්, මියගිය තැනැත්තියගේ බාරකරුවන් ඒ බව පොලිසියට නොදන්වා ගාල්ල සමූපකාර අමාංගල්‍යධාර සමිතියට දැනුම් දී සිරුර එහි යවා අවසන් කටයුතු සඳහා සූදානම් කර නිවසට ගෙනවිත් තිබිණි.

මේ අතර සමෘද්ධි බැංකුවකින් ලැබිය යුතු මුදලක් ගැනීමට අද (25) සමෘද්ධි බැංකුවට ගිය අවස්ථාවේ දී ඒ සඳහා මරණ සහතිකය ඉල්ලා තිබිණි. මරණ සහතිකයක් නිකුත් කිරීම සිදුකරනු ලබන්නේ ග්‍රාම නිලධාරීවරයා විසින් නීත්‍යානුකූලව මරණය සම්බන්ධයෙන් ලබාදෙන වාර්තාවක් හෝ හදිසි මරණ පරීක්ෂකවරයකු මගින් ලබා දෙන වාර්තාවක් පදනම් කරගෙන උප්පැන්න, විවාහ සහ මරණ රෙජිස්ට්‍රාර්වරයකු විසිනි.

නමුත් නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය නොකිර මරණය මල් ශාලාවකට යවා එම්බාම් කර තිබුණ ද එම මරණය සම්බන්ධයෙන් මරණ සහතිකයක් නොතිබිණි. මේ බව මියගිය තැනැත්තියගේ ඥාතීන් විසින් නැවත පොලිසියට දැනුම් දීමෙන් පසු ගාල්ල මූලස්ථාන පොලිසිය එම මරණය පිළිබඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංයට දන්වා ඇත.

එම දැනුම් දීම අනුව හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මළ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එන ලෙස පොලිසියට නිය‍ෝග කර තිබිණි. එම්බාම් කර භූමදානය සඳහා සූදානම් කර තිබූ මළ සිරුර අද (25) උදෑසන කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන එනු ලැබිණි.

ඉන් පසු මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණයක් සිදුකරනු ලැබූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය වාර්තා කර ඇත්තේ මෙම නිව්මෝනියාව හේතුවෙන් සිදුවූ මරණයක් වුව ද සිරුරේ අභ්‍යන්තර අවයව නොමැති බවයි.

ඉදිරිපත්  වූ සාක්ෂි සහ වෛද්‍යවරයාගේ නිර්දේශ සළකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මරණය සිදුව ඇත්තේ නිව්මෝනියාවෙන් බවට තීරණය කර දේහය හල්ලොලුවවත්ත පොදු සුසාන භූමියේ දී භූමදාන කිරීමට නියෝග කෙරිණි.

හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසිරි ලොකුගේ මහතා මල් ශාලාවේ කළමනාකරු කැඳවා ඔහුගේ ද සාක්ෂි සටහන් කරගත් අතර ග්‍රාම නිලධාරීවරයාගේ හෝ මරණ පරීක්ෂකවරයකුගේ නිර්දේශයක් නොමැතිව මළ සිරුරක් එම්බාම් කර භූමදානය සඳහා සැකසීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දෙමින් තරයේ අවවාද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!