spot_img
spot_imgspot_img

කරාපිටිය රෝහලට බල්ලෝ අරක් ගනිති. අධ්‍යක්ෂ කාමරයේත්, සායන වලත් හපාකන බල්ලෝ

පුවත්

විදෙස්

කරාපිටිය ශික්ෂණ රෝහලේ අයාලේ යන සුනඛයන් එහි පැමිණෙන ජනතාව සපා කන බවට චෝදනා එල්ල වී තිබේ. පසුගිය 10 වැනි දා රෝහල්ගත වූ සිය මව බැලීමට පැමිණි වයස අවුරුදු 06ක දරුවකු ද බල්ලකු විසින් සපා කා ඇත.
එම අවස්ථාවේ දී ම ජලභීතිකා එන්නත ගැනීමට එම දරුවාගේ පියා විසින් ඔහු රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරයා දරුවා රෝහල්ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කර තිබිණි.
මේ පිළිබඳ සොයා බැලීමේ දී අපට අනාවරණය වූයේ කරාපිටිය රෝහලෙ බල්ලන් රංචු වශයෙන් ගැවසෙන බවයි. රෝහල් අධ්‍යක්ෂවරයාගේ කාර්යාලයේ ඉදිරිපිට කොරිඩෝවේ ද තුවාල සහිත ඉතා අපිරිසිදුව සිටින බල්ලන් කිහිප දෙනකුම පදිංචිවී සිටියි.
රෝහලේ දුරකථන ක්‍රියාකාරිනියක් සහ අක්ෂි තාක්ෂණවේදිනියක් මේ බල්ලන්ට දෛනිකව ආහාර පාන ලබාදීම සිදුකරයි. ඔවුන් දෙදෙනා බල්ලන් සඳහා කෑම ලබාදෙන්නේ ද කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ගොඩනැගිල්ලට ඇතුළු වී සායන පැවැත්වෙන කොටසේ දන්ත සායන ආසන්නයේ දී ය. මේ කාන්තාවන් දෙදෙනා පිටුපස බල්ලන් රංචු වශයෙන් නිතරම පසු පසින් යන බවත් ඔවුන්‍ මෙලෙස කෑම දෙමින් කරාපිටිය රෝහලේ සායන පැවැත්වෙන ස්ථානයට බල්ලන් පුරුදු කර තිබීම පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍යයට බරපතල තර්ජනයක් බව ද රෝහලේ සෙසු සේවකයෝ පවසති.
මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි සිටි නිධාරියකු කියා සිටියේ රෝහලට පුරුදු වූ බල්ලන් රංචු කිහියක්ම සිටින බවයි. ඔවුන්ට එන්නත් කර ඇත්දැයි නොදන්නා බව ද බල්ලන්ට සහ පූසන්ට කෑම දීම නොරකන ලෙස සෞඛ්‍ය සේවකයන්ට සහ රෝහලට පැමිණෙන අය දැනුම්වත් කර ඇතත් ඔවුන් එය නොතකා කටයුතු කිරීම බරපතල ගැටලුවක් බවත් ඔහු කීවේය.

පසුගිය සති කිහිපයක් ම ජලභීතිකා මර්ධන එන්නත් කරාපිටිය රෝහලේ තිබුණේ නැත. මේ වනවිටනම් එන්නත් සුළු ප්‍රමාණයක් රෝහලට ලැබී තිබේ. රෝහල් පරිශ්‍රයක් යනු ඉතාමත් පිරිසිදුව තිබිය යුතු ආරක්ෂිත ස්ථානයකි. නමුත් කරාපිටිය රෝහලේ දුරකථන ක්‍රියාකරවන්නිය සහ අක්ෂි තාක්ෂණවේදිනියක් ඇතුළු කිහිප දෙනකුගේ ක්‍රියාවන් හේතුවෙන්න මේ බල්ලන් දැන් රෝහල ආක්‍රමණය කරමින් සටියි.

බල්ලන් 30-40ක් පමණ ප්‍රමාණයකුත් පූසන් 100කට ආසන්න ප්‍රමාණයකුත් රෝහලේ සැරි සරණ බව වාර්තා වේ. රෝහලට පැමිණෙන රෝගීන් ද මේ නිසා දැඩි අපහසුතාවට ලක්වෙයි. නමුත් බලධාරීන් නිහඬය.

මේ සම්බන්ධයෙන් විමසීමට රෝහලේ අධ්‍යක්ෂවරයා සම්බන්ධ කරගැනීමට ස්ථාවර දුරකථනයට ඇමතුමක් ගන්නා සෑම අවස්ථාවකදී ම මාධ්‍යයෙන් යැයි කියූ පසු ලැබෙන පිළිතුර වන්නේ අධ්‍යක්ෂවරයා රැස්වීමක බවයි. ජංගම දුරකථන අංකය ඉල්ලූ විට කාර්යාලයේ පිරිස් කියන්නේ අධ්‍යක්ෂවරයාගේ ජංගම දුරකථන අංකය ඔවුන් සතුව නැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!