spot_img
spot_imgspot_img

ගොඨාභය මාලදිවයිනට පැන ගනී

පුවත්

විදෙස්

මහජනතාවගේ විරෝධය හමුවේ ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ අද (13) අලුයම මාලදිවයිනට පලාගොස් තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් AN 35 යානයකින් මෙලෙස රටින් පිටව ගොස් ඇත. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අලුයම 3.00ට ඔහු ඇතුළු කණ්ඩායම මාලේ අගනුවරට ළඟා වූ බව වාර්තා වෙයි.

73 හැවිරිදි වියේ පසුවන ගෝඨාභය රාජපක්ෂ ජනතා අරගලයකින් බලයෙන් පහ කෙරුණු මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වන අතර ඔහු අද (13) සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත්කිරීමත් සමඟ රාජපක්ෂ පවුල් පාලනය අවසන්වනු ඇතැයි බොහෝ දෙනකුගේ අපේක්ෂාව වී තිබේ.

සෙනසුරාදා (09) අති විශාල පිරිසක් ඔහු පදිංචිව සිටි නිල නිවස, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති නිල නිවස වටකිරීමත් සමඟ ඔහු නෞකාවකට නැගී මුහුදේ ආරක්ෂිතවව සිටි බවත් නැවත හොර රහසේ ම රටට ඇතුළු වූ බවත් වාර්තා විය.

පසුව ගුවන් තොටුපොළ ඔස්සේ රටින් පිටවීමට ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ පවුලේ සෙසු සාමාජිකයන් ගත් උත්සාහයන් ව්‍යර්ථ වූ විට මෙලෙස යුද හමුදා ගුවන් යානයකින් රටින් පලාගොස් ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයකු වන ඔහුගේ සොහොයුරු මහින්ද රාජපක්ෂ ද මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් පිටවී ගොස් ඇති බවත්, ඔහු ඇමෙරිකාවට යන බවත් BBC වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!