spot_img
spot_imgspot_img

අරගලයේ පාපොච්ඡාරණය – කිරි කලයට ගොම වැටුණා ද ?

පුවත්

විදෙස්

මම ඇත්තටම අරගලයට උදව් කළා ද ?

මම වසර 14ක් තිස්සේ රාජපක්ෂ මතවාදය ලංකාවෙන් අතුගා දැමිය යුතුයැයි කියන ස්ථාවරයේ අවංකව බැනුම් අසමින් වැඩ කළ කෙනෙක් මිසක් නින්දෙන් නැගිට, කාලයක් අතුරුදන් වෙලා ඉදලා, බයේ හැංගිලා ඉදලා නෑ. හදිසියේ ම ඇහැරිලා චූණ් එකට පෝස්ට් දාන්නේ නෑ දන් ඉන්න ඇතම් චරිත වගේ. ඒ නිසා ගාලු මුවදොර අංක එකේ තේමාව එක්ක 100%ක් ගැලපෙන නිසා මට වැඩකරන්න පුළුවන් වුණා. ඒත් අරගලයට  ලොකු සහයක් දුන්නා කියලා මම විශ්වාස කරන්නේ නෑ.

අරගලයට උදව් කළා ද කෙළවලා දැම්මා ද කියලා මම දන්නෙත් නෑ, පටන් ගත්තු දවසේ ඉඳලා ඊයේ වෙනකං මගේ හිතවත් පරිත්‍යාගශීලීන්ව මම අරගගල භූමියේ ඉන්න මට විශ්වාසවනත් අයට සම්බන්ධීකරණය කරලා දුන්නා. ඒ හැම ආධාර මුදලක් ම රවුම් කරන්න මම සුළු මුදලක් දාන්න ඇති. මාව විශ්වාස කරලා ගොඩක් අය සල්ලි දෙද්දී මම ඒවායේ වගකීම බාර ගන්නේ නැතිව ඒවා සම්බන්ධීකරණය කළා පමණයි.

ඒ වගේ ම ඇතැම් වැඩවලට මම මගේ අදහස් යෝජනා පොඩ්ඩ පොඩ් එකතු කළා. වැඩ කිහිපයකට සහභාගී වුණා. නමුත් කිසිම ප්‍රදර්ශනාත්මක කාර්යයකට හිටියේ නෑ. ඉන්නෙත් නෑ.

මම මට පුළුවන් දෙයක් කරා මිස මගේ වැඩ එක්ක මට අරගල භූමියට වෙලා ඉන්න බැරි නිසා ඊට අදාලව කටයුතු කරන පිරිසට නොගිණියහැකි තරම් සහයක් දුන්නා. මම හොඳින් දන්නා බුකි මිතුරන් රැසක් හිටපු නිසා එතන ගැන මට ආදරයක් තිබුණා. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට වැදගත්වෙ න හැමදේම ෂෙයාර් කරා. රාජපක්ෂල එළවන්න මම බොරුත් කිව්වා. ඒක ඇත්ත. ඒවා දැන් සමහරක් විශ්ව සත්‍යයන් වෙලා. මට රාජපක්ෂල එක්ක පෞද්ගලික තරහක් නෑ. නමුත් ඒ අය පතුරවපු මතවාදය නිසා වෙන හානිය මම දැක්කා. ඇතැම් අය ඒක මේ මාස තුනේ දැකල තිබුණේ…! සමහරු මේ දවස් දෙකේ..!

රජගෙදර කතාව

සැබෑ අරගලකරුවන් සහ අරගලකරුවන් යැයි කියාගන්නා අය “ජනාධිපති මන්දිරයට” යනව කියල ඇහුණම මම ලිව්වේ කරුණාකර මන්දිරයේ දෑට අත තියන්න එපා! කියල.

මොකද මෙතන එන්නේ රටේ බහුතර මුග්ධ මහජනතාව මිස අධ්‍යාපනයක් ලැබූවන් නොවන නිසා මට විශාල බයක් තිබුණා. ආපු ආරංචි එන්න එන්නම නරක අතට හැරුණා. පෞද්ගලිකව හොයල බලද්දි සියල්ල ඇත්ත. මට ඒක මාර අවුල්. මට පරණ පාර්ලිමේන්තුව හෝ අරලියගහ මන්දිරේට ගිය අර කිරිපැකට් හොරකම් කරල, ඒවට කවි ගී ලියල දාලා තියෙද්දි පවා හිනා ගියේ මුන් මොනවද දන්නේ කියල මිස.. ඒ විනාසය නෙවෙයි.

ඒ පැය කිහිපෙකින් විශ්වසනීය තොරතුරක් ලැබුණා ඉදිරි විනාසය ගැන. මම ඒ අනුව දෙවැනි පෝස්ට් එක දැම්මා. ඒකත් ටිකක් මිනිස්සු අතරට ගියා. ඒ අස්සේ ළදරු අරගලකරුවො කිහිපදෙනෙක් මූලික ව්‍යවස්ථාව නොදැන මාධ්‍ය සාකච්ඡාවක කියපු කතා දැක්කම මුන්ගෙ අතටනං බිල්ඩිම ගිහින් තියෙන්නේ බඩු ටිකට හරි කියල හිතුණා. මට යකා නැගල හිටියෙ. ගෲප් චැට් එකක නිරෝෂ් එක්ක මරාගත්තා. ඌ බයවෙච්චි පාර මාව චැට් එකෙන් අයින් කරපං කිව්වා. මොකද ඌත් මේ තක්කඩි ප්‍රකාශ අනුමත කරා! ඒ අස්සෙ රනිල්ගේ පෞද්ගලික නිවෙස ගිනිතිබ්බා.

අරගලකරුවන් යැයි කියාගන්නා අය. ඒකට මාධ්‍යවලින් පිදුරු වැටුණා. ඒකට තවත් දුක හිතුණා. එතනත් අතිශය වටින සිතුවම් එකතුවක් තිබුණා කෞතුකාගාරයට දෙන්න නියමිතව. පොත් සහ දුර්ලභ කෞතුක වස්තුන් රැසක් එතනත් අළු වුණා.

අරගලවලින් පස්සේ සාමය එන්නෑ. ඇතුලේ කණ්ඩායම් ගහගන්න මරාගන්න පටන් ගන්නවා. එතනින් පස්සෙ ස්ථාවර ආණ්ඩු එන්නෑ. ඉතිහාසය කියවපු මට ඒක මතක්වුණා. මේක ලියල දානවද නැද්ද කියල අතීරණයක හිටියේ. මම මේවා ගැන තේරුමක් තිබුණු මිනිහෙක් වෙච්චි ජනක ඉනිමංකඩට කතාකරා. කළකිරුණු ඔහු කිව්වෙ මල්ලි කට පියං බලං හිටපං. එතන බලය වැඩියි. අපේ මතය පොඩියි කියල! ඒත් මෙතන ඉන්නේ මම විශ්වාස කරපු මතයකට එකඟ උන් බහුතරයක් කියල මට හිතුණා. නමුත් 69 කොටසකුත් මීට එකතුවෙලා කියල අමතක වෙලා තිබුණා. අනික රජගෙදර භුගත කොටස වධකාගාරයක් ලෙස පෙන්වපු අරගලකරුවො හිටියා….!

මට වාක්‍ය දෙක තුනකින් අවුස්සන්න පුළුවන් වුණත් ඒකට මට පිරිස් බලයක්, දායක සභාවක් නෑ. විශාල ෆලෝවර්ස්ලා ඉන්න ගිණුම් බලපුවාම ඒ ෆලෝවර්ස්ලට වඩා මේක ගිනි තියන්න එන උන් හොඳා කියල හිතුණා. අන්තිමට සියලු සාධක එකතුකරල බලල, මොකා මොනව හිතුවත් කමක් නෑ මම දානව කියල තීරණය කරා. මොකද මම කවදාවත් වැරදිනං වැරදියි කියන්නත් පිළිගන්නත් ඇඹරෙන්නෑ. නුවන් ජූඩ් මහත්තය සහ සෝමදේව සර් නිසා හමුවුණු මිත්‍ර රත්නයක් වූ සමීර මාලගල දිගටම විස්තර එව්වා. නමුත් මේකට ක්‍රියාකාරී වෙන්න මේ නල්ලමලේ ප්‍රොටෙස්ටර්ලයි රජයේ නිලධාරීනුයි එක්ක සමව ගනුදෙනු කළ හැකි, මම බුකියෙ දැකපු, අනාගතයේ රටට මහා ආයෝජනයක් වන, දුර්ලභ ශාස්ත්‍රවන්තයෙක් වෙච්චි ශකිල රාජකරුණා මල්ලිව දැක්කා. උගෙන් උදව් ඉල්ලුවම එවෙලෙම එයා ක්‍රියාත්මක වුණා.

අවසානයේ පුරාවස්තු කාමර වලට දාලා වහන්න… තියෙන ඒවා පරෙස්සම් කරන්න. කටයුතු යෙදුනා. අවාසනාව තමයි මේ මන්දිරය භාරව ඉන්න නිලධාරීන් මේවායේ වටිනාකම් ගැන මෙලෝ අලබෝලයක් නොදැනීම… ඒකෙ පුදුමෙකුත් නෑ.. ලිස්ට් එකේ ඉන්න පුරාවිද්‍යාව සහතිකේට විතරක් හදාරපු උන් තෙල් බේත් කාරයො, වට්ටි අම්මල වගේ පෝස්ට් දාද්දි ඒක සාමාන්‍යම දෙයක් වුණා.

මොකක්ද ඔය තරං වටිනාකම…? පෝලිමේ මැරුණු මිනිහෙක් ඊට වඩා වටින්නැද්ද?

ඒක ගැන දවසක කතාකරමු. මේ වෙනුවෙන් Sheikh Irshad තරම් කැක්කුමකින් ලියපු එකෙක් මම දැක්කෙ නෑ.. උන් රටට මහා සම්පත්. එහෙම උන් ලිස්ට් එකේ ඉන්න මැණික් වගේ මට. අපේ අධ්‍යාපනයේ අපේ උරුමය ගැන කියල දීලා නෑ. සහතිකේට ඉගෙනගන්න උගන්වල තිබුණේ.. Vandalism ගැන ජීවන්ති කෝෂලා ලියල තිබ්බ එක වාක්‍යක් නිසා තේරුම් ගත්තා මේ සම්භාව්‍ය පුරාවස්තු, පොතපත ඇයි ‘එලයිට්’ ගෲප් එකක් අතර විතරක් පරෙස්සම් වෙන්නෙ කියල…

ලූවර් කෞතුකාගාරෙ තියන මොනාලිසා ගන්න හොරු ආවොත් ඌට වෙඩි තියන්න ප්‍රන්ස බලධාරීන් දෙපාරක් හිතන්නෑ. ඒ ඒක ප්‍රන්සයේ උරුමය. ත්‍රීවිලරයක් එළවන, කුලී වැඩක්කරන මනුස්සයෙක්ට ඒක නිකංම චිත්‍රයක්. දළදා මාලිගාවට කොටි ගහපු වෙලාවෙ මහාචාර්යවරයෙක් හෘදයාබාධයකින් මියගියා.

ඒක නිකං බිල්ඩිමක් විතරද?

මේ අවුරුදු දෙකේ නිකරුණේ මැරුණෙ ඔය අරගලේට හෝ තෙල්පෝලිම්වල හිටපු අය විතරක් නොවයි. එන්නත් සහ රෝහල් පහසුකම් නැතුව 10,000ක්විතර මැරුණා කියල අමතකද? මට හිටපු විශ්වාසවන්තම මිනිහෙක් මට නැතිවුණා. අපිට ඒ සහකම්පනය තියෙනව. මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන දුක ගැන පිටරටට වෙලා විප්ලව කරන උන්ට වඩා මම ලියල තියෙනවා.

අරගලය හොඳයි. ඒක තමයි ඕක පටන් ගනිද්දි කිව්වේ මේකෙ අධ්‍යාපනය දෙන්න කියල. මම ලියපු පෝස්ට් ඇති. චිත්‍රපට පෙන්නන්න කිව්වෙ, නාට්‍ය පෙන්නන්න කිව්වෙ, පුස්තකාල හදන්න කිව්වෙ පොත් ගොඩගහගෙන එහෙට මෙහෙට අදින්න නොවයි. මිනිස්සුන්ට නිතර ගන්න පුලුවන් තැනක කියවන්න… මේවට හිනාවෙච්චි අය හිටියා..! මං අහන්නෙ දැන් සැපද කියල ? අවසානයෙදි මේ වැඩ ගොඩක් දියවෙලා ගියා. මුල් ගැම්මෙන් ගියේ නෑ. ඒකට හේතුව ළදරු දේශපාලන වලිප්පුකාරයො සෙට් එකක් අතට අරගලභුමියේ පාලනය යාම. ඒ අයට රජගෙදර මාලිගාවක්… මාලිගා නොදැකපු අයගේ අධ්‍යාපනික දුප්පත්කම එච්චරයි.

ඔය වගේ තිරශ්චීන ප්‍රකාශ කරපු 27ක් පෙරේදා ලිස්ට් එකෙන් අයින්කරා. එහෙම නරුම, පන්ති වෛරයෙන් පෙළෙන, ඇරියස්කාරයෝ මට අවශ්‍ය නෑ. පොල්පිත්තකින් මට කපාගතහැකි එහෙම උන්.

මොකද වුණේ? අවසානයේ අද බලධාරීන් සියලු පාර්ශව එක්ක පැමිණ මෙම ගොඩනැගිල්ල ගැන ඉදිරි තීරණ ගන්නවා. එතන හිටපු තලේ පැටවු දැන් යමක් තේරුම්අරගෙන ඇති කියල හිතනව. මොකද හානියේ වගකීම.

(මනෝරම වීරසිංහ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!