spot_img
spot_imgspot_img

නීතිඥ සංගමයෙන් අරගලකරුවන්ට සැර ලිපියක්

පුවත්

විදෙස්

රටේ නීතියේ ආධිපත්‍යයට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූළව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවත් පාලනය අඩපණ කරන‍ ලෙස පෙනෙන ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳ කණගාටුවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුම් දෙයි.

විරෝධතා කරුවන් නිකුත් කරන ඇතැමි ප්‍රකාශ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීතියට පටහැනි ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි බැවින් මෙවැනි ප්‍රකාශයක් සිදුකර තිබේ.

නීතිඥ සංගමය පවසන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යළුස්ථා රාමුව සහ නෛතිත ක්‍රියාවලිය තුළ විසඳුම් සොයන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

එමෙන් ම අරලියගහ මන්දිරයේ සහ ජනාධිපති මන්දිරයේ සිදුවන විනාශකාරී ක්‍රියා සම්බන්ධයෙන් වාර්තාවන කරුණු සම්බන්ධයෙන් නීතිඥ සංගමය දැඩි සැළකිල්ලකින් පසුවන බවත්, එම ගොඩනැගිලිවල භාරකාරත්වය අදාල බලධාරීන් වෙත ලබා දී එම පරිශ්‍රවලින් ඉවත්වන ලෙස නීතිඥ සංගමය අරගලයට සම්බන්ධ පාර්ශව වෙතින් ඉල්ලීමක් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!