spot_img
spot_imgspot_img

මහින්දට සහ බැසිල්ට රට ගමන් තහනම් කරන්න යැයි ඉල්ලූ පෙත්සම කලින් කැඳවයි

පුවත්

විදෙස්

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව අනුමැතියකින් තොරව විදේශගතවන ලෙස වළක්වන්න යැයි ඉල්ලමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 14 වනි දා කැඳවන ලෙස පෙත්සම් කරුවන් මෝසමක් මගින් ඉල්ලා ඇත. හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් දෙදෙනා ද මීට ඇතුළත් වෙති.

නීතිඥ උපේන්ද්‍ර ගුණසේකර මගින් මේ ඉල්ලීම කර තිබේ. එම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ මෙය ඉතාමත් හදිසි කරුණක් බැවින් ජූලි 14 වැනි දා එය කැඳවන ලෙසයි.

මෙම පෙත්සම පසුගිය 06 වැනි දා කැඳවන ලද අවස්ථාවේ දී එය නැවත ජූලි 27 වැනි දා කැඳවීමට තීරණය කර තිබිණි.  

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති පෙත්සම් කරුවන් පවසන්නේ එම වගඋත්තරකරුවන් රටින් පිටව ගියහොත් එය පියවා ගත නොහැකි පාඩුවක් බවයි.

ශ්‍රී ලංකාවේ වැරදි ආර්ථික කළමනාකරණය සහ මූල්‍ය අක්‍රමිකතා සඳහා ඔවුන් වගකිව යුතු බවත් ඔවුන්ට එහෙිව නීතිමය පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකාවේ පිහිනුම් ශූරයකු වූ බෝලින්, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයර්තන්, ජෙහාන් කනකරත්න සහ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසිනි.

කෙසේ වෙතත් මෝසම සළකා බැලූ අධිකරණය ලබන 14 වැනි දා එය නැවත කැඳවීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!