spot_img
spot_imgspot_img

නව ජනපති රනිල්

පුවත්

විදෙස්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධූරයෙන් ඉල්ලා අස්වුවහොත් ඔහුගේ ධූ‍රයේ ඉතිරි කාලසීමාව තුළ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අගමැති  රනිල් වික්‍රමසිංහ පත්කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායමක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීමෙන් පසු අගමැතිධූරයට පත්වූයේය. කිසියම් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ආසනයක් පමණක් ඇති පක්ෂයක නායකයකු අගමැතිධූරයට පත්වීමේ ලෝක වාර්තාව තැබූ රනිල් වික්‍රමසිංහ ලොව වැඩි වාර ගණනක් අගමැතිවරයකු ලෙස පත්වූ පුද්ගලයා ද වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයෙන් ඉල්ලා අස්වූ විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්කරනු ලැබුවහොත් ඔහු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ඇති රටක එක් මන්ත්‍රීධූරයක් සහිතව සිටිය ද පාර්ලිම්න්තු බහුතර කැමැත්තෙන් රාජ්‍ය නායකත්වයට පත්වූ පළමු පුද්ගලයා ලෙස ද ඉතිහාසයට එක්වනු ඇත. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ අවස්ථාවේ දී ඩී.බී.විජේතුංග අගමැතිවරයා ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දී නැවත පාර්ලිමේන්තුවේ එක්ච්ඡන්දයෙන් ඔහු එකල අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැණිනි. නමුත් ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබිණි.

දේශපාලන විචාරකයන් පවසන්නේ ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ දේශපාලන ප්‍රතිසංස්කරණ රැසක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බැවින්  පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති ජනාධිපතිවරයකු සිටීමෙන් එම ප්‍රතිසංස්කරණ වඩාත් පහසුවක් වනු ඇති බවයි. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්වුවහොත් ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බැවින් විධායක බලය ප්‍රයෝජනයට ගැනීමට නොහැකිවීමම මෙන්ම එය අහෝසි කිරීමේ කාර්යය ද වඩාත් ඉක්මණින් ඉටුකරගත හැකිවනු ඇතැයි ද දේහපාලන විචාරකයන්ගේ මතය වී තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරයා ලෙස පත්කළ යුතුයැයි ඇතැම් පාර්ශව විසින් යෝජනාවක් ඉදිරිපත්ව තිබුණු අතර සමගි ජන බලවේගයේ පැවැති රැස්වීමක දී සජිත් ප්‍රේමදාස ජනාධිපතිධූරයට පත්කළ යුතුයැයි ඉදිරිපත් වූ යෝජනාව සරත් ‍ෆොන්සේකා විසින් ස්ථිර කර තිබිණි.

ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් ඩලස් අලහප්පෙරුමගේ නම ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස යෝජනා කිරීමට නියමිත බව පැවසේ. මේ අතර හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙක් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නම යෝජනා කර තිබුණ ද හෙතෙම එවැනි කිසිදු තනතුරක් භාර නොගන්නා බව ප්‍රකාශ කළේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ නම සමඟ තවත් එක් අයකුගේ හෝ වැඩි ගණනකගේ නම් යෝජනා වුවහොත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමක්  පැවැත්වීමට සිදුවෙයි.

තවමත් පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බැවින් එම පක්ෂයෙන් අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයකු ජනාධිපතිවරයා ලෙස පත්වීමට ඇති අවස්ථාව වැඩි බව ද දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි. 1999 දි සහ 2005 දී ජනාධිපතිවරණවලට ඉදිරිපත් වී පරාජයට පත්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධූර කාලයේ මෙරට අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වීමේ අවස්ථාවක් මේ වනවිට විවෘතව ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිධූරයට පත්වුවහොත් පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය ඇතැයි ජනාධිපතිවරයා විශ්වාස කරනු ලබන මන්ත්‍රීවරයකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමේ බලය ඔහුට හිමිවෙයි. ඒ අනුව නව අගමැතිවරයකු ද අමාත්‍ය මණ්ඩලයක්ද පත්වනු ඇත.

2 COMMENTS

  1. පිස්සු නෑනෙ මහ ජනතාවට,
    කාලකණ්නි පොනිලා හීන දකිනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!