spot_img
spot_imgspot_img

“රට කෑවා ඇති. දැන් යන්න” අගරදගුරුතුමා ආණ්ඩුවට කියති

පුවත්

විදෙස්

“රට කෑවා ඇති, දැන් ඉතින් යන්න”  යැයි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ කියති.

මීගමුව නගරයේ අද (09) පැවැති උද්ඝෝෂණයේ දී කාදිනල් හිමියෝ මේ බව කීහ.

“ ආණ්ඩු පක්ෂයයි, විපක්ෂයයි දෙකම එකතුවෙලා නාටකයක් රඟ දක්වනවා. එයාලට මේ ප්‍රශ්නවලට විසඳුමක් ‍නෑ. ජනතාව මෝඩයන් නොවෙයි. එයාලා කරන දේවල් පිළිගන්න අපි සූදානම් නෑ. අපිට අවශ්‍ය වෙන්නේ ලොකු වෙනසක්. නව ආරම්භයක්. දැන් මේ මුදල් ඇමතිලා, විදේශ ඇමතිලා ගිමින් IMF එකෙන් ණය ඉල්ලන්න. ඉන්දියාවේ යාචකයොත් අපිට ආධාර කරනවා. අපේ රට උපරිම හිඟමනට වැටිලා. මේ විදියට හැමදාම කරන්න බෑ. සෑඹ පුරවැසියෙක් ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතුවෙන්න ඕනෑ. කුමන්ත්‍රණකාරයන්ට බලය ගන්න පුළුවන්. හැබැයි බලය පවත්වාගෙන යන්න බෑ. ඒ නිසා ඔක්කෝම එකතුවෙලා එක හඬින් කියනවා, යන්න දැන් ඇති රට කෑවා. යන්න කියලා. ගිහිල්ලා මේක කරන්න පුළුවන් කෙනෙකුට රට භාර දෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහින් සියලු දෙනා පාරට බැහැලා මේ දූෂිත ක්‍රමය ඉවත්කරන්න.”

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම හා රටේ පවතින ගැටලුකාරී තත්වයට විරෝධය දක්වමින් කාතෝලික ජනතාව හා සිවිල් ක්‍රියකාරිකයන් විසින් අද පෙරවරුවේ යුක්තියේ පාගමන පැවැත්විණි.

එම පාගමන ආරම්භයට පෙර කටුවාපිටිය බෝම්බයෙන් මියගිය අය භූමදාන කළ ස්ථානයේ යාතිකාවක් ද සිදුකෙරිණි. කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා ඒ පාගමන පැවැත්විණි.

මීට අමතරව කතෝලික සභාවෙන් දිවයින පුරා අද පාගමන් කිහිපයක් ද සංවිධානය කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!