spot_img
spot_imgspot_img

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

පුවත්

විදෙස්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර පිටියට රැස්වෙමින් සිටිති.

අද (09) උදෑසන 9.00 සිට මෙම පිරිස රැස්වෙමින් සිටින අතර මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දහස් ගණනක් එම ස්ථානයේ රැස්වී රජයට විරෝ්ධය පළකරමින් සිටිති. මේ අතර පොලිස් කැරළි මර්ධන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ජනාධිපති මන්දිරය ආසන්නයේ ස්ථානගතවව සිටින බව ද මාධ්‍යවේදීහු කියති.

වැසි ඇතිවීමේ ලකුණු පෙන්නුම් කළ ද උද්ඝෝෂකයෝ අඛණ්ඩව තම විරෝධතාව පළකරමින් සිටිති. මෙම උද්ඝෝෂණය සඳහා පුද්ගලික බස් රථ හිමියන් විවිධ නගරවල සිට නොමිළයේ ප්‍රවාහන සේවා සපයා ඇති අතර රැස්ව සිටින අයට අවශ්‍ය ජලය සැපයීම, වෛද්‍ය සේවා සැපයීම සඳහා ද විවිධ කණ්ඩායම් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී සිටිති.

මේ අතර මුද්‍රණ කර්මාන්තකරුවන්, ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවක සේවිකාවන්, ත්‍රී රෝද රථ රියදුරන්, සංචාරක මඟ පෙන්වන්නන් ආදී විවිධ වෘත්තිකයෝ ද තම වෘත්තීන්වලට බලපාන කරුණ සම්බන්ධයෙන් විරෝධතා පුවරු ඔසවාගෙන සිටිනු දක්නට ලැබෙයි.

කිසිදු දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක පෙළඹවීමක් හෝ මැදිහත්වීමකින් තොරව මෙම උද්ඝෝෂණය පැවැත්වෙන බව එයට සහභාගී වූ වෝ කියති. විවිධ ජාතීන්ට, විවිධ ආගම්වලට සහ විවිධ දේශපාලන මත නියෝජනය කරන පිරිස් මෙලෙස එක්ව සිටීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!