spot_img
spot_imgspot_img

කබ්රාල් රටට බොරු කියූ හැටි මෙන්න. FactCheck තහවුරු කිරීමක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා මහ බැංකු‍වේ සය මාසික පෙර දැක්ම විශිෂ්ඨ සාර්ථකත්වයක් අත්කරනෙ ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් විසින් කරන ලද ප්‍රකාශය අසත්‍යයක් බව FactCheck.lk පවසයි. ඔවුන් මේ බව සනාථ කර දක්වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ අනෙකුත් මූලාශ්‍රවලින් ලබාගන්නා ලද දත්ත විශ්ලේෂණය කරමිනි.

එහි දී සය මාසික පෙර දැක්ම හරහා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දී තිබූ ප්‍රමාණාත්මක ඉලක්ක දාහතරට අදාළව 2021 ඔක්තෝබර් 1 සිට 2022 පෙබරවාරි 28 දක්වා කාලසීමාවට අයත් සැබෑ සංඛ්‍යා සංඛ්‍යා දත්ත FactCheck.lk විසින් විමර්ශනයට ලක්කර තිබේ.  

මෙම සය මාසික පෙර දැක්මේ ප්‍රධාන ඉලක්ක 06ක් සහ ද්විතීක ඉලක්ක 08ක් දක්නට ලැබෙයි.

නමුත්, ප්‍රධාන ප්‍රමාණාත්මක ආර්ථිකමය ඉලක්ක හයෙන් එක් ඉලක්කයක් හෝ පෙබරවාරි මාසය අවසන් වන විට එනම් මාස 05ක කාලයේ දී සපුරා නැත.

ද්විතීයික ඉලක්ක අටක් මෙම පෙර දැක්මට ඇතුළත් කර තිබූ අතර, පවතින සාක්ෂි අනුව නිගමනය කළ හැකි වන්නේ ඉන් එන් ඉලක්කයක් පමණක් සපුරා ඇති බවයි

ණය මූල්‍යකරණය පිළිබඳ ඉලක්ක හතරක් සපුරා නොමැති අතර ඉන් තුනක් පිළිබඳ තොරතුරු කිසිවක් නොමැත. 

මේ අනුව, රජය ප්‍රධාන ඉලක්ක 06ම සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති අතර, ද්විතීයික ඉලක්ක 08න් 04ක් ද සපුරා නොමැත. රජයට සාක්ෂාත් කර ගැනීමට හැකි වී තිබෙන්නේ එක් ද්විතීයික ඉලක්කයක් පමණි (ඉතිරි ඉලක්කයන් පිළිබඳ කිසිදු තොරතුරක් නොමැත). කරුණු එසේ හෙයින්, සය මාසික පෙර දැක්ම සාර්ථක යැයි හිටපු මහ බැංකු අධිපතිවරයා පවසා ඇත්තේ අසත්‍ය කරුණකි.

FactCheck.lk හි පළකර ඇති සම්පූර්ණ ලිපිය මෙතැනින්

* FactCheck.lk හි නිශ්චය පාදක වී ඇත්තේ පොදු ජනයාට ප්‍රවේශ විය හැකි, වඩාත්ම යාවත්කාලීන වූ තොරතුරු මතයි. සෑම FactCheck.lk විශ්ලේෂණයක් සම්බන්ධයෙන් මෙන්ම මෙම FactCheck.lk විශ්ලේෂණය සම්බන්ධයෙන් ද වෙනත් නව තොරතුරු අනාවරණය වන්නේ නම්, FactCheck.lk හි මෙම ඇගැයීම ද ඊට අනුකූලව යාවත්කාලීන කිරීමට අප සූදානම්. 

එයට සමගාමීව මෙම ලිපිය සම්බන්ධ යාවත්කාලීන කිරීම් rata.lk වෙබ් අඩවිය මගින් ද සිදුකරනු ලැබේ.

මූලාශ්‍ර

ශ්‍රී ලංකා මහ බැංකුව, සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම (2021 ඔක්තෝබර් 1) https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/presentation_20211001_the_six_month_road_map_for_ensuring_macroeconomic_and_financial_system_stability_e.pdf 

ශ්‍රී ලංකා මහ බැංකුව, සතිපති ආර්ථික දර්ශක (2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු 4 දක්වා), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/statistics/economic-indicators/weekly-indicators    [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කොළඹ පාරිභොගික මිල දර්ශකයේ (Colombo Consumer Price Index) වෙනස්වීම්  (2022 පෙබරවාරි), ප්‍රවේශය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/MovementsoftheCCPI  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ශ්‍රී ලංකා මහ බැංකුව, 2022 අංක 2 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය (2022 මාර්තු), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/press/pr/press_20220304_Monetary_Policy_Review_No_2_2022_e_D9fs3.pdf  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ශ්‍රී ලංකා මහ බැංකුව, මාධ්‍ය නිවේදනය – රජයේ සුරැකුම්පත් (2021 සැප්තැම්බර් සිට 2022 මාර්තු දක්වා), ප්‍රවේශය: https://www.cbsl.gov.lk/en/press/press-releases/government-securities  [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

උදිත ජයසිංහ, ‘ශ්‍රී ලංකාව රුපියල අවප්‍රමාණය කරයි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සඳහා ගන්නා පියවරක් ලෙස සැලකේ’, රොයිටර් පුවත් සේවය (2022 මාර්තු 8), ප්‍රවේශය: https://www.reuters.com/markets/rates-bonds/sri-lanka-allow-rupee-weaken-230-per-dollar-2022-03-07/ [අවසන් වරට ප්‍රවේශය: 2022 මාර්තු 29]  

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කොළඹ, මාධ්‍ය නිවේදනය – ඛනිජ තෙල් ආශ්‍රිත නිපැයුම් මිලදී ගැනීම සඳහා එ.ජ.ඩොලර් මිලියන 500 ක ණය සීමාවක් (2022 පෙබරවාරි 2) https://hcicolombo.gov.in/press?id=eyJpdiI6InZXRkpFOUhwdHk5M2ZkUGgyS0NBOWc9PSIsInZhbHVlIjoiT3NaeHNYNmtWbHdcL2ZxVXFDUDBDM2c9PSIsIm1hYyI6ImI2MDliNTM3OTgxZWY0NjNmZGNhNTIwMDY1YmQyZGY5NzVjYmNlNjRjMjIwMDhlZDE1ZjgwMzRmNGI2NDZkYmMifQ==  

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කොළඹ, මාධ්‍ය නිවේදනය – ආචාර්ය එස්. ජයශංකර් සහ ගරු බැසිල් රාජපක්ෂ ඉන්දියාව විසින් ලබා දෙන විශාල සහයෝගයක් සම්බන්ධයෙන් එකඟතාවකට එළඹෙති (2022 ජනවාරි 16)   https://hcicolombo.gov.in/press?id=eyJpdiI6Ik1kd3BqNDQrUW45SGtIaWtcL1JNa0pBPT0iLCJ2YWx1ZSI6Ikp1bXlwa1Yrd2RlXC9LNkFFRHplb0RBPT0iLCJtYWMiOiJhNjgyMzNiYjhiYWRmNGUzMDUxNDYwMjM1MTk4MTZkMjRlZDZjZGJjNTgwY2MxNzFjZDQ1NDNkYzdjOTRjMmNmIn0=  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!