spot_img
spot_imgspot_img

මාතර පොලිසියට එරෙහිව මානව හිමිකම් පැමිණිල්ලක්. වෙළෙන්දන්ට යට වූ පොලිසිය ජනතාවට හිරිහැර කරලා

පුවත්

විදෙස්

මාතර මූලස්ථාන පොලිසිය නීති විරෝධී ශබ්ද දූෂණය සම්බන්ධ පැමිණිලි නොසළකා සිටීමෙන් සහ ඊට ආධාර අනුබල දීමෙන් නගර වැසියන්ට නිදහසේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය වන බවට මානව හිමිකම් කොමිසමට ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව විසින් පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් මාතර නගරයේ ශබ්ද විකාශන යන්ත්‍ර සිවිකර මාතර වෙළෙඳ සංගමය මගින් අධික ශබ්දයෙන් ප්‍රචාරක වැඩසටහනක්  පවත්වාගෙන යන අතර ඊට එරෙහිව විවිධ පුද්ගලයන් විසින් මාතර මූලස්ථාන පොලිසියට පැමිණිලි කර ඇතත් පොලිස් ස්ථානාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම පවා අතපසු කර තිබේ. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නියෝග පවා නොතකා ඔහු ක්‍රියා කර ඇත.

මේ සම්බන්ධයෙන් පසුගිය 06 වැනි දා ජාතික පොලිස් කොමිසමට ශබ්ද දූෂණයට ‍එරෙහිි ‍ජාතික එකමුතුව විසින් ලිඛිත පැමිණිල්ලක‍් ගොනුකර තිබේ. ජාතික පොලිස් කොමිමෙන් මේ පිළිබඳ විමසූ අවස්ථාවේ කියා සිටියේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වී අදාල ශබ්ද විකාශනය නතර කරන්න යැයි මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට දැනුම් දී ඇති බවයි.

එම සංවිධානය පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් ඉල්ලුම් පත්‍ර 38/05 සම්බන්ධයෙන් 2007-11-09 වැනි දින ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ එයට සමගාමීව පොලිස්පතිවරයා විසින් 2007-11-22 වැනි දින නිකුත් කර ඇති පොලිස්පති චක්‍රලේඛ 2031/2007 අනුව මාර්ගවල රැහැන් ඇඳ ශබ්ද විකාශනය කිරීමට කිසිම ආකාරයක නීතිමය පසුබිමක් නොමැති බවයි.

එවැනි නීති විරෝධී ශබ්ද විකාශනයක් සිදුකරන බවට පැමිණිලි කර තිබිය දී මාතර මූලස්ථාන පොලිසිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග නොතකා ක්‍රියාකිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකරන බවටත්, ‍පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ සඳහන් උපදෙස් නොතකා ක්‍රියාකිරීමෙන් සිය රාජකාරිය පැහැර හැර ඇති බවත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත.

මෙවැනි ශබ්ද විකාශනයක් පවත්වාගෙන යන්නේ නම් එයට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 261 වැනි වගන්තිය සහ පොලිස් ආඥා පනතේ 80(4) වගන්තිය අනුව එම භාණ්ඩ හා උපකරණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිිසිය කටයුතු කිරීම අවශ්‍ය වේ.

නමුත් ‍මාතර මූලස්ථාන පොලිිසයට එවැනි පැමිණිල්ලක් ලැබුණ ද නීතිය ක්‍රියාත්මක කර නැත.

මේ සම්බන්ධයෙන් අපි මාතර වෙළෙඳ සංගමයේ සභාපත නිහාල් කළුආරච්චිගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට මාතර නගර සභාවෙන් සහ මාතර පොලිස් ස්ථානයෙන් ලැබුණු ශබ්ද විකාශන බලපත්‍රයක් ඇති බවයි. එම බලපත්‍රයේ පිටපතක් ඉල්ලා සිටිය ද එවැන්නක් දිය නොහැකි බව ඔහු කියා සිටියේය.

‍මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඒ පිළිබඳ විමසූ විට ඔහු මෙසේ කීවේය.

“අපිට ඕන නම් ගලවන්නත් පුළුවන්. ශබ්දය අඩු කරන්නත් පුළුවන්. අපි ශබ්ද විකාශන බලපත්‍රයක් දීල තියෙන්නේ. ඒ නිසා ගලවන්න බෑ.” යනුවෙනි.

නමුත් එවැනි බලපත්‍රයක් ලබා දීමට නීත්‍යානුකූලව නොහැකි බව අප කරුණු පැහැදිලි කරන විට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇමතුම විසන්ධි කළේය.

පොලිස්පතිවරයා විසින් නිකුත් කරකන ලද 2031/2007 චක්‍රලේඛය අනුව යම් ස්ථානයකට ශබ්ද විකාශන බලපත්‍රයක් ලබාදෙන්නේ නම් එය යම් කිසි පුද්ගලයකුට හෝ සමිතියකට හෝ සංවිධානයකට හෝ ව්‍යාපාරික ස්ථානයකට අයිති පරිශ්‍රයක් විය යුතුය. එමෙන් ම එම පරිශ්‍රයේ ස්ථානයී පරීක්ෂණයක් සිදුකර පරිශ්‍රයේ මායිමෙන් පිටතට ශබ්දය විකාශය නොවන බවට තහවුරු විය යුතුය.

යම් ශබ්ද විකාශනයක් සිදුකරන්නේ නම් අදාල පරිශ්‍රයෙන් පිටතට ශබ්දය විකාශනය නොවිය යුතුය යන කරුණ ඇතුළු කොන්දේසි රැසක් ද එම බලපත්‍රය අනුව නිකුත් කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය සහ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් වන්නේ මාර්ග දිගේ රැහැන් ඇද ශබ්දය විකාශය කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බවයි.

නමුත් මාතර නගරයේ මේ අනවසර ශබ්ද විකාශනය අප්‍රේල් මස 01 වැනි දා සිට 14 වැනි දා දක්වා පැවැත්වේ.

මේ සම්බන්ධයෙන් ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව සඳහන් කරන්නේ තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය, නගර සභාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යන සියලු ම ආයතනවලින් තොරතුරු ඉල්ලා සිටින බවයි. පොලිසිය මෙලෙස නීතිය කැඩීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ම කරුණු වාර්තා කරන බව ද එම සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!