spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිත වෛද්‍යවරයාට කරාපිටියේ දී විශේෂ ප්‍රතිකාර

පුවත්

විදෙස්

කොරෝනා ආශ්‍රිත පෙනහළු ආසාදනයක් හේතුවෙන් අසාදිතව සිටින වෛද්‍යවරයකු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා අද රුපවාහිනී නාලිකාවක අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

සෞඛ්‍ය අංශ පවසන්නේ කොරෝනා ආසාදනය වූ එම වෛද්‍යවරයා රාගම රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇති බවයි. පෙනහළු ආසාදිත තත්ත්වයන් සඳහා ප්‍රතිකර කිරීමේ දී යොදාගන්නා විශේෂිත යන්ත්‍රයක් ඇත්තේ කරාපිටිය ශික්ෂණ රෝහලේ පමණක් බැවින් වෛද්‍යවරයා එම රෝහලට යොමුකර ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

වෛද්‍ය සොයිසා පවසන්නේ කොරෝනා වසංගතය පාලනය කිරීමට සෞඛ්‍ය නිලධාරීන් සහ මහජනතාව මනා සම්බන්ධතාවකින් කටයුතු කිරීම අවශ්‍ය බවයි. එසේ නොවුනහොත් දැඩි සත්කාර ඒකකයන් ප්‍රමාණවත් නොවීමේ ගැටලුවට ද ඉදිරියේ දී මුහුණ දීමට සිදුවන බව හෙතෙම පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!