spot_img
spot_imgspot_img

බස්නාහිරින් පිටවන අයට කොරෝනා පරීක්ෂණ

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස බස්නාහිර පළාතෙන් පිටවන සියලුම පුද්ගලයන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය අංශ සමඟ එක්ව කටයුතු යොදා ඇතැයි පොලිසිය පවසයි.

මේ අනුව බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 12ක ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඒකක ස්ථාපිත කර තිබේ. බස්නාහිර පළාතෙන් පිටව යන සියලුම දෙනා මෙම පරීක්ෂණ සඳහා සහය දිය යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි.

බස්නාහිර පළාතේ හඳුනාගත් පොදු ස්ථාන, සති පොළ, මාළු අලෙවිකරණ ස්ථාන, එළවළු අලෙවිකරණ ස්ථාන සහ අනෙකුත් ආර්ථික මධ්‍යස්ථාන ආශ්‍රිතව පුද්ගලයින් ඇන්ටිජන් හෝ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමේ මෙහෙයුම් ද තවදුරටත් ක්‍රියාත්මකව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!