spot_img
spot_imgspot_img

කොරෝනා හැදුණු මොයින් අලි ක්‍රීඩා විවේකාගාරයේ

පුවත්

විදෙස්

කොරෝනා වයිරසයේ එංගලන්ත නව ප්‍රබේදය ආසාදනය වූ මොයින් අලි ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේ සිටින ආකාරය දැකගන්නට ලැබිණි.

ඔහු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වූයේ පසුගිය 04 වැනි දා කරන ලද පීසීආර් පරීක්ෂණයකිනි. ඔහුට ආසාදනය වූ වයිරසය එංගලන්ත නව ප්‍රබේදය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් නිවේදනය කළේය.

මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන ලද විමසීමේ දී සඳහන් කළේ ඔහුගේ ජෛව සාම්පල ලබාගෙන කරන ලද පීසීආර් පරික්ෂණ දෙකකින් ම මේ වනවිට කොරෝනා නොමැති බව තහවුරු වීම හේතුවෙන් එංගන්ත කණ්ඩායමේ කළමනාකාරීත්වයට මොයින් අලි භාරදීමට කටයුතු කළ බවයි.

අද (16) ශ්‍රී ලංකා එංගලන්ත පළමු ක්‍රිකට් තරඟයේ තුන්වැනි දිනයයි. සුවය ලබා ඇති බැවින් ‍තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී දෙවැනි ටෙස්ට් තරඟයට ක්‍රීඩා කිරීමට ද හැකියාව ලබනු ඇතැයි ක්‍රීඩා විචාරකයන් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!