spot_img
spot_imgspot_img

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සුද්දයක්. 600කට ස්ථාන මාරු

පුවත්

විදෙස්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් 600ට පමණ වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබාදීමට රජය තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නීතිඥ සුමිත් අලහකෝන් පවසයි.

2020 ජනවාරි 01 දා දිනයෙන් පසු දෙපාර්තමේන්තුවට පැමිණි සේවකයන් සහ තමන් හැර අන් සියලු දෙනා මේ අනුව මාරුකරන බව ද හෙතෙම පවසයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් ජනතාව නිතරම එල්ලකරන අල්ලස් චෝදනා හේතුවෙන් මෙම තීරණය ගනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ හා විෂය භාර අමාත්‍යවරයා සාකච්ඡා කිරීමෙන් අනතුරුව බව ද ඔහු කීවේය.

මේ අනුව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ, ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත සේවාවන්හි නිලධාරීන් 600ක පමණ පිරිසකට කඩිනමින් ස්ථාන මාරු ලබාදෙන බව ද නීතිඥ අලහකෝන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!