spot_img
spot_imgspot_img

පැහැරගත් දරුවන් නිදහස් කරයි

පුවත්

විදෙස්

නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශක අබ්දුල් ලබරන් මහතා පවසයි. දරුවන් කිසිවකු ඝාතනය කර ඇති බවට වාර්තාවී නොමැති බවද ඔහු සඳහන් කරයි.කෙසේවුවද තවත් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. මේ සම්බන්දව අදහස් දක්වමින් කට්සිනා ආණ්ඩුකාර අමිනු බෙලෝ මහතා, “පැහැරගත් දරුවන්ගෙන් වැඩිදෙනකු නැවත පැමිණ තිබෙනවා. නමුත් සියලු දෙනාම පැමිණ නැහැ,” යනුවෙන් පවසා ඇත.  දරුවන් පැහැරගත්තේ කවුරුන් විසින් ද යන්න මුලින් අනාවරණය නොවූ නමුත් ඉස්ලම් සටන්කාමී කණ්ඩායමක් වන බෝකෝහරාමි විසින් දරුවන් පැහැරගනු ලැබූ බව පසුව නිකුත් කළ වීඩියෝ දර්ශනයකින් පැහැදිලි වූ බව කට්සිනා බලධාරීහු පවසති.කට්සිනා ප්‍රාන්තයේ කන්කාරා නගරයේ පිහිටි මෙම නේවාසික පාසලට පසුගිය සිකුරාදා කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් දරුවන් පැහැරගනු ලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!