spot_img
spot_imgspot_img

තැන් කීපයක් යළි විවෘතයි. තවත් තැන් හුදකලා කරයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය පැතිරයාමේ අවධානම හේතුවෙන් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක හුදකලා බව හෙට (07) ඉවත්කරන්නේ යැයි ද තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව ද කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

කොළඹ දිස්ත්‍රික්කය

හෙට උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරනු ලබන ප්‍රදේශ

  1. බ්ලූමැන්ඩල් පොලිස් වසම
  2. වැල්ලම් පිටිය පොලිස් වසමේ විජයපුර ග්‍රාම නිලධාරී වසම

හෙට උදෑසන 5.00 සිට අලුතින් හුදකලා බවට පත්කරනු ලබන ප්‍රදේශ

  1. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
  2. කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත
  3. වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර

හුදකලා බව තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රදේශ

  1. මෝදර පොලිස් වසම
  2. කොටහේන පොලිස් වසම
  3. ගෑන්ඩ්පාස් පොලිස් වසම
  4. ආදුරුප්පුවීදිය පොලිස් වසම
  5. වේල්ලවීදිය පොලිස් වසම
  6. කෙසෙල්වත්ත පොලිස් වසම
  7. මාළිගාවත්ත පොලිස් වසම
  8. දෙමටගොඩ පොලිස් වසම
  9. මරදාන පොලිස් වසම
  10. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
  11. බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම
  12. වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල් ග්‍රාම නිලධාරී වසම සහ ලක්සඳ සෙවන නිවාස යෝජනා ක්‍රමය
  13. මට්ටක්කුලිය පොලිස් වසමේ රන්දිය උ්‍යන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගසන් මාවතේ දකුණු කොටස

ගම්පහ දිස්ත්‍රික්කය

හෙට (07) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත්කරන ප්‍රදේශ

  1. කැලණිය පොලිස් වසම
  2. වත්තල පොලිස් වසම පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ග්‍රාම නිලධාරී වසම්
  3. පෑළියගොඩ පොලිස් වසම පහත දක්වා ඇති ග්‍රාම නිලධාරී වසම් හැර අනෙකුත් ග්‍රාම නිලධාරී වසම්

හෙට (07) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා කරනු ලබන ප්‍රදේශ

  1. වත්තල පොලිස් වසමේ – කෙරවලපිටිය, හේකිත්ත, කුරුඳුහේන, ඇවරිවත්ත, වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසම්
  2. පෑළියගොඩ පොලිස් වසම – පෑළියගොඩවත්ත, පෑලියගොඩ ගඟබඩ, මීගහවත්ත, පට්ටිය උතුර ග්‍රාම නිලධාරී වසම්
  3. කිරිබත්ගොඩ පොලිස් වසම – වෙලේගොඩ උතුර ග්‍රාම නිලධාරී සම

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්හි මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම්දෙන තුරු තවදුරටත් හුදගලා ප්‍රදේශ වශයෙන් පවත්වාගෙන යන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!