spot_img
spot_imgspot_img

ගාල්ලේ කොරා්නා මරණය කොළඹ ගොඩට වැටිලා. රෝහලට බොරු ලිපිනයක් දීලා

පුවත්

විදෙස්

ගාල්ලේ පදිංචිව සිටි කළුබෝවිල රෝහලේ දී මියගිය පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැතැයි අතැම් පුද්ගලයන් විසින් ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් දෛනිකව නිකුත් කරනු ලබන කොරෝනා සම්බන්ධ මරණ පිළිබඳ ලේඛනයේ ගාල්ලේ පදිංචි පුද්ගලයකුගේ මරණයක් පිළිබඳ ඔහු මියගිය 30 වැනි දා සිට ඊයේ (05) දිනය දක්වාම සඳහන් නොවීම ‌හේතුවෙන් ඇතැම් පුද්ගලයන් විසින් සංවිධානාත්මකව මෙවැනි ප්‍රචාරයක් ගෙන යමින් සිටියි.

මේ පිළිබඳ අප විසින් සොයා බැලීමේ දී කොළඹ කළුබෝවිල රෝහලේ ප්‍රකාශකයකු පැවසුවේ ගාල්ලේ ස්ථිර පදිංචිය සහිත පුද්ගලයකු වකුගඩු සහ දියවැඩියා රෝගය සඳහා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 30 වැනි දා මියගිය බවයි. එම පුද්ගලයාගේ මරණයෙන් පසු ඔහුගේ ජෛව සාම්පල රැගෙන පීසීආර් පරීක්ෂණයක් සඳහා යැවූ බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඔහු ස්ථිර වශයෙන් ම කොරෝනා ආසාදිත අයකු බවත් තහවුරු වූ බවත් හෙතෙම කීවේය.

එහෙත් මෙම රෝගියා කළුබෝවිල රෝහලට ඇතුළත්වී ඇත්තේ තමන් කොළඹ පදිංචි බවට එම ප්‍රදේශයේ ව්‍යාජ  ලිපිනයක් ලබා දෙමිනි. එබැවින් ඔහු කොළඹ පදිංචි පුද්ගලකු ලෙස සඳහන්වූ බව ද එම රෝහලේ ප්‍රකාශකයකු කීවේය. එසේ වුව ද ඔහුගේ බිරිඳ ඇතුළු ඥාතීන් සමඟ සාකච්ඡා කිරීමේ දී එම රෝගියා ගාල්ලේ ස්ථිර පදිංචිකරුවකු බවත් ප්‍රතිකාර ගැනීම සඳහා වෙනත් ලිපිනයක් ලබා දෙමින් රෝහලට ඇතුළත්ව සිටි බවත් අනාවරණය වී ඇත. ඒ අනුව නිවැරදි ලිපිනය හා තොරතුරු හැකි ඉක්මණින් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට ලබාදුන් බව ද ඔහු කීවේය.

එම තොරතුරු අනුව රෝගියාගේ ආශ්‍රිතයන්ගේ ජෛව සාම්පල පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබූ බව ද බිරිඳ ඉගැන්වූ බාලිකා බසළ විෂබීජ හරණය කළ බව ද කළුබෝවිල රෝහල් ප්‍රකාශකයා අප කළ විමසීමේ දී කීවේය.

“ ඒ පුද්ගලයා කොළඹ ලිපිනයක් දී තිබූ නිසා මළ සිරුරු අවශ්‍ය කටයුතු සඳහා යොමු කළේ ඒ ලිපිනයෙන්. පසුව තමයි දැනගත්තේ ඔහු ගාල්ලේ පදිංචි කරුවෙක් කියා. රෝහලට ඇවිත් තිබුණේ ගාල්ලේ ඉඳලා. අපි ඒ වනවිටත් කොරෝනා ආසාදිතයෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී අවසන් ඇතැම් විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නිකුත් කළ වාර්තාවල ඔහුගේ මරණය පිළිබඳ නිල සඳහන ඇත්තේ කොළඹ මරණයක් හැටියට. ඒ නිසා ගාල්ල ප්‍රදේශයේ ඇතැම් පිරිස් වැරදි මතයක් ගෙනියනවා ඒ පුද්ගලයාගේ මරණය ගැන නිල නිවේදනය දුන්නේ නැහැ. එයා කොරෝනා හැදිලා මැරුණු කෙනෙක් නෙවෙයි කියා. නමුත් ස්ථිර වශයෙන් ම ඔහු කොරෝනා ආසාදිතයෙක්.”

තමන් පදිංචි ලිපිනය ලබා නොදෙමින් කළුබෝවිල රෝහලට ඇතුළත් වූ ගාල්ලේ පදිංචි පුද්ගලයා මියගියේ කොරෝනා ‌හේතුවෙන් නොවන බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාරයට පදනම් කරගෙන ඇත්තේ මේ ව්‍යාජ ලිපිනයක් ලබා දීම හේතුවෙන් එම මරණය කොළඹ ලිපිනයකට බැරව තිබීමයි.

මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිතයකු බව නොදැන මරණය දැනගත් වහාම එම නිවසට ගිය විදුහල්වල ගුරුවරුන් සහ සිසු දරු දැරියන් පවා මේ හේතුවෙන් විශාල නොමග යාමකට ලක්ව සිටිති. එමෙන්ම එක්තරා පිරිසක් පවසන්නේ මියගිය පුද්ගලයාගේ බිරිඳ ඉගැන්වීම සිදුකළ ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්ති නාමයට හානිකිරීම සඳහා ඇතැම් මාධ්‍යවේදීන් විසින් එම තැනැත්තා කොරෝනා ආසාදිතයකු බවට ව්‍යාජ පුවතක් ගොඩනගා ඇති බවයි.

කිසියම් ආගමික පිරිසක් ද ඔහුගේ මරණය කොරෝනා හේතුවෙන් සිදුවූවක්‌ නොවන බවත් තවමත් ගාල්ල දිස්ත්‍රික්කයේ කිසිදු පුද්ගලයකු මියගොස් නැති බවත් ප්‍රදේශය පුරා ප්‍රචාරය කරමින් සටියි. මේ අසත්‍ය පුවත්වලට නොරැවටෙන ලෙසත් කොරෝනා ආසාදනය වූ ගාල්ලේ මිලිද්දුව පදිංචි පුද්ගලයකු කළුබෝවිල රෝහලේ දී මියගොස් ඇති බවත් rata.lk අපි කළුබෝවිල රෝහලෙන් මෙන්ම අනිකුත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ද තහවුරු කරගත් බවත් මෙහි සඳහන් කරන්නේ වගීමෙන් යුතුවය.

ඔහු රෝහලට ලබා දී තිබූ ව්‍යාජ ලිපිනය හේතුවෙන් ඔහුගේ මරණය කොළඹ පුද්ගලයකුගේ මරණයක් ලෙස සඳහන්ව ඇත. මෙය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිවැරදි කළ යුතු කරුණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!