spot_img
spot_imgspot_img

ලලිත් කොතලාවලගේ මරණය ගැන අනාවරණයක්

පුවත්

විදෙස්

ප්‍රකට ව්‍යාපාරික ලලිත් කොතලාවල (85) මියගොස් ඇත්තේ නිව්මෝනියා තත්වයකින් බව අද (23) එම දේහය සම්බන්ධයෙන් කොළඹ අධිකරණ වෛද්‍ය අංශයේ දී පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී තිබේ.

විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකුගෙන් යුතු කණ්ඩායමක්  මෙම පරීක්සණය සිදුකර තිබිණි.

ලලිත් කොතලාවලගේ මරණය සැක සහිත බවත්, ඔහු සිය බිරිඳ‍ගෙන් වෙන්ව අවසන් වසර 05ක කාලය වෙනම ගතකළ බවත් වෙනත් පිරිසක් ඔහු රඳවාගෙන සිටි බවත් පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට පැමිණිල්ලක් කර තිබිණි. එම පැමිණිල්ලේ සඳහන් වූයේ වෙනත් පිරිසක් විසින් ලලිත් කොතලාවල රඳවාගෙන සිටි බවයි. එම පුද්ගලයන් විසින් ඔහුගේ දේපල පවරාගෙන ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් විය. ඒ අනුව බම්බලපිටිය පොලිසිය ඊයේ (22) අධිකරණයට කරුණු වාර්තා කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් නියෝග කර සිටියේ ඒ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

එම නියෝගය අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!