spot_img
spot_imgspot_img

IMF අනුමැතියෙන් සිදුවන දේ මෙන්න

පුවත්

විදෙස්

ආර්ථික අර්බුදය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටි ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබාදීමට ඊයේ (20) රැස්වූ එහි විධාය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව ඉදිරි මාස 48ක් හෙවත් වසර 04ක් සඳහා විස්තීරණ මූල්‍ය පහසුකම් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කටයුතු කිරීමට නියමිතය.

පසුගිය සැප්තැම්බර් 01 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු විස්තීරණ ණය පහසුකමක් සඳහා ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළැඹී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇතිකරගෙන තිබිණි. එම මූල්‍ය පහසුකම ඇමෙරිකානු ඩොලර් බිලියන 03කි. එහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දමන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබාගැනීමට බවට ඇතැම් පාර්ශව ගෙන යන ප්‍රචාරයට අදාලව ද එම අරමුදල ප්‍රකාශයක් නිතුක්කර තිබේ. ඔවුන් එම ප්‍රකාශයේ සඳහන් කරන්නේ කිසිම රටක මැතිවරණ ක්‍රමවේදයන් ගැන ඔවුන් මැදිහත් නොවන බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය කල් දමන ලෙස කිසිම අවස්ථාවක නිර්දේශ කර නැතැයි ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එමෙන් ම පළමු වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් දින දෙකක කාලයක දී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ එම මුදල රුපියල්වලට හරවා රජයේ ණය ගෙවීමට සහ අනෙකුත් වියදම් පියවා ගැනීමට භාවිතා කළ හැකි බවයි.

එලෙස ඉක්මණින් ලැබෙන්නේ පළමු වාරිකයයි. වාරික 08ක් ලෙස වසර 04ක දී මුදල් ලැබීමට නියමිතය. එලෙස වාරික ලබාදීමේ දී සෑම මාස 06කට ම වරක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරන බවත්, ණය ලබාදීම එම සමාලෝචනයේ ප්‍රගතිය මත රඳාපවතින බවත් ජාත්‍යන්තර මූළ්‍ය අරමුදලේ වෙහෙයුම් ප්‍රධානී පවසයි.

එම සමාලෝචනය කිරීමේ දී වැදගත් ම සාධකය වන්නේ ණය තිරසර බවයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේ තවමත් ශ්‍රී ලංකාවේ ණය තිරසර භාවයක් නැති බවයි.

අප්‍රේල් මාසය අවසන් වනවිට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය සැළසුම ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කළ යුතුය. එමගින් ණය තිරසර බව පවත්වා ගෙන යාමට අවස්ථාව සැළසෙයි. එමෙන් ම දැනට සිදුවෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ මගින් ඇතිවන ධනාත්මක ලක්ෂණ සෘජුවම ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලබාදීම පහසුකිරීමට යෙදවිය යුතුය. දූෂණ විිරෝධී රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ කළ යුතුය

ජුනි වනවිට දැනට ක්‍රියාත්මක ආනයන – අපනයන සීමා ක්‍රමානුකූලව ඉවත්කිරීමට සැළසුම් කළ යුතුය. බදු ආදායම වර්ධනය විය යුත්තේ රටේ ආර්ථික සංවර්ධනයට උධව්වක් වෙමින් සහ දුප්පත් සහඅවදානමට ලක්විය හැකි ජන කොටස් ආරක්ෂා වන ආකාරයටය.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථායිතාවක් ඇතිකිරීම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් වෙයි. උද්ධමනය පාලනය වීමට මහෝපකාරී වන ආකාරයට මිල ස්ථායිතාවය ඇතිවීමටත්, සංචිත ශක්තිමත් කිරීමත් කළ යුතුය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර ඇතිකරගත් එකඟතාවය හෙට (22) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින්  පාර්ලිමේන්තුවට ඉදිිපපත් කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!