spot_img
spot_imgspot_img

ජපානය ම හෙල්ලූ මහා භූමිකම්පාවකින් සුනාමියක් ඇති වෙයි (අද වැනි දවසක් – ජනවාරි 18)

පුවත්

විදෙස්

අදින් වසර 436කට පෙර 1586 ජනවාරි 18 වැනි දා (අද වැනි දවසක) ජපානයේ Tensho භූමිකම්පාව එරට වේලාවෙන් රාත්‍රී 11.00ට සිදුවිය. රිච්ටර් මාපකයෙන් 7.9ක විශාලත්වයක් සහිත යැයි සැළකෙන මේ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය හොන්ෂු හිි වූබු කලාපයේ පිහිටා තිබූ බව කියවේ. භූමිකම්පාව හේතුවෙන් ටොයාමා, හයුගෝ, ක්යෝටෝ, ඔසාකා, නාරා, මී, අයිචි යන ප්‍රදේශවල නිවාස 10,000ක් පමණ විනාශ වූ අතර මියගිය සංඛ්‍යාව 8,000කට අධිකය.

පසුකාලීන ව මේ භූමිකම්පාව පිළිබඳ අධ්‍යයනයන් රැසක් සිදුව ඇත. පුළුල් ප්‍රදේශයක් පුරා සිදුකරන ලද අධ්‍යයනයවලින් නිගමනය කර ඇත්තේ භූමිකම්පාවේ පැතිරීම උතුරු ඊසාන දිග සහ දකුණු නිරිත දිග ඔස්සේ සිදුව ඇති බවයි. එම කලාපයේ ම 1891 වර්ෂයේ දී මීබොරෝ නම් භූමිකම්පාවක් ද සිදුවිය.

වසර 1800 ක කාලයක් පුරාවට කරන ලද ප්‍රධාන භූමිකම්පා අධ්‍යයනයන්ගෙන් පෙනී ගොස් ඇත්තේ මේ ප්‍රදේශයේ දිගු කාල පරාසයන් සහිතව භූමිකම්පා සිදුව ඇති බවයි. පාංශු සමීක්ෂණවලින් 1586 දී සිදු වූ භූමිකම්පාව නිවැරදිව හඳුනාගෙන ඇත. එම කලාපයේ දැනටත් ඇති වනාන්තර ප්‍රදේශවල භූමිකම්පාවේ පුපුරායාම්වල ලක්ෂන දක්නට ලැබේ. එමෙන් ම ගිලා බැසීම් හේතුවෙන් පොකුණක් ද නිර්මාණය වී ඇත. කාබන් කාල නිර්ණය අනුව 1586 වර්ෂයේ සිදු වූ භූමිකම්පාව තරම් දරුණු භූමිකම්පාවක් එම ප්‍රදේශයේ සිදු වී නැත. පසුව සිදුවූ මීබොරෝ භූමිකම්පාවේ අපි කේන්ද්‍රය ගිෆූ ප්‍රාන්තයේ වයඹ දෙසට ආසන්නව පිහිටා තිබී ඇත.

ගත වූ වසර 6,000ක කාලයේ දී භූමිකම්පා සිදුවීම් ගැන තැනිතලාවල සාක්ෂි ලැබී තිබේ. ක්‍රිස්තු වර්ෂ 745දී සිදුවූ භූමිකම්පාවක් ද මේ ප්‍රදේශයේ සිදුව ඇත.

අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ 1585 නොවැම්බර් 27 වැනි දින පෙර කම්පනයක් සිදුව ඇති බවයි. ඉන් මාස දෙකකට පසුව ප්‍රධාන කම්පනයක් ඇති වූ බව සැළකේ. පෙර කම්පනය රිච්ටර් මාපක 6.6ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මේ භූමිකම්පා මාස දෙකක් පුරා සෑම දිනකම කියෝතෝ නගරයට දැනී ඇත පසු කම්පන ඇති ඇති වී තිබේ. ඉන්පසු නැවත 1589 සහ 1596 කාලයේ දී ප්‍රබල භූමිකම්පා දෙකක් ඇතිකළ බවට ද සාක්ෂි ලැබී ඇත. 1596 දී රිච්ටර් මාපකයේ 7.5ක භූමිකම්පාවක් සිදුව ඇති අතර එයින් මියගිය සංඛ්‍යාව 1,100ක් පමණ වෙයි.

1586 සිදු වූ Tensho භූමිකම්පාව හේතුවෙන් බීවා විල, වකාසා බෝක්ක සහ ඉසේ බොක්ක ප්‍රදේශයේ සුනාමි තත්වයක් ඇති වූ බවට ද වාර්තා වෙයි. ඉසේ බොක්කේ මීටර 03ක් උසටත්, වකාසා බොක්කේ සුනාමි රළ මීටර 4-5 උසටත් නැග ආ බව පැවසේ

බීවා වෙරළ තීරයේ රළ හේතුවෙන් නිවාස විනාශ වී බොහෝ නිවැසියන් සුනාමි රළට ගසාගෙන ගිය බව ද වාර්තා කර ඇත. සුනාමිය හේතුවෙන් ඉසේ බොක්ක අසළ පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 8,000ක් පමණ වන බව පැවසේ.

2015 වර්ෂයේ කරන ලද අධ්‍යයනයකින් ෆුකුයි හි ඔයි දිස්ත්‍රික්කයේ වෙල් යායකින් සුනාමියක අවසාධිත නිධි සොයා ගන්නා ලදී. ඒ අනුව මෙම භූමිකම්පාව සහ සුනාමි තත්වය තහවුරු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!